Ads 468x60px

.

මධුසමයදා හෝටලයකදී අතුරුදන් වූ මනමාලයා දින හතරකට පසු හමුවෙයි


මනාලිය සමග මධුසමය ගත කිරීමට ගොස්‌ සිටියදී අතුරුදන් වූ බව කියන මනාලයා ඊට දින හතරකට පසුව දාරාඔය ප්‍රදේශයේ මහමග ඇවිද යමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් දෙල්තොට හෝටලයකින් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙසේ අතුරු දන් වූයේ දෙල්තොට රැලිමංගොඩ පදිංචි යුද හමුදා සෙබළෙක් බවයි.

විසිතුන් හැවිරිදි තරුණියක සමග මීට මාස හතරකට පෙර විවාහ ගිවිස ගෙන මනමාලිය කැඳවාගෙන තම අලුත සෑදූ නිවසේදී දෙමළ, මුස්‌ලිම්

යන සියලු දෙනාගෙම සහභාගිත්වයෙන් ජයටම මඟුල්කා මධුසමය ගත කිරීමට හෝටලයට ගොස්‌ තිබෙනවා. 

එදින රාත්‍රී 10.30 ට පමණ කාමරයෙන් එළියට ගොස්‌ නැවත පැමිණ නොමැති අතර ඒ පිළිබඳ මනාලිය ගම්පොල පොලිසියට පැමිණිලි කොට තිබෙනවා.

සිද්ධියෙනස්‌ දින හතරකට පසු දාරාඔය ප්‍රදේශයේ මහමග ඇවිද යමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් පොලිසියට දන්වා
තිබෙනවා. ඒ මොහොතේ මනාලයා තරමක්‌ අසනීප තත්ත්වයෙන් සිටි හේතුවෙන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසනවා.

ඔහු පොලිසියට පවසා ඇත්තේ පසුදා මනාලියව නිවසට කැඳවාගෙන යන්න සල්ලි නොමැති නිසා ඒ පිළිබඳ කල්පනාකරමින් හෝටලයෙන් එළියට ගිය බවත්, එහිදී මගතිබූ ගල්ගුහාවකට ගොස්‌ කිසිදු ආහාරයක්‌ නොමැතිව කාලය ගත කළ බවයි. සිද්ධිය පිළිබඳ ගලහ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
 
Related Posts with Thumbnails