Ads 468x60px

.

විද්‍යා ඝාතනයෙන් ගම පාලුවෙයි - දුෂණය කර මැරූ යාපනය සිසුවියගේ මිතුරියන් ගමෙනුත් ගිහින්


දුෂණය කර මරා දැමූ කයිට්ස් ප්‍රදේශයේ විද්‍යා සිවලෝගනාදන් ශිෂ්‍යාව ගේ මිතුරියන්ද මේ වන විට ගම හැරදා ගොස් ඇති බව වාර්තා වනවා.

ඇයගේ වයසේ පසුවන ශිෂ්‍යාවන් 4 දෙනකුම පදිංචිය සඳහා මේ වන විට යාපනයට ගොස් තිබෙනවා. මේ ශිෂ්‍යාවන් සිවුදෙනාද අධ්‍යාපනය ලබන්නේ පුන්කුඩුතිව් මධ්‍ය මහා විද්‍යාලයේ.

විද්‍යාගේ ඝාතන සිද්ධියෙන් පසුව ඇයගේ මිතුරියන් සිවුදෙනා දැඩි කම්පනයටත්, භීතියටත් පත්ව ඇති නිසා එම දරුවන් යාපනයේ සිට

පාසල් යැවීමට ඔවුන්ගේ මවුපියන් තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.

ඉදිරියේදී එම ශිෂ්‍යාවන්ගේ පවුල්වල සාමාජිකයන්ද පුන්කුඩුතිව් ප්‍රදේශය අතහැර යාපනයේ කුලී නිවාසවල පදිංචියට යෑමට නියමිතයි.

ඊට අමතරව තවත් පවුල් දෙකක් මේ වන විට පුන්කුඩුතිව් අතහැර යාපනයේ පදිංචියට ගොස් තිබෙන බවත් තවත් පවුල් කිහිපයක්ම යාපනයේ පදිංචියට යෑමට සූදානමින් සිටින බවත් වාර්තා වනවා.

 
Related Posts with Thumbnails