Ads 468x60px

.

උපන්දිනය දාම ගෙල වැලලාගෙන මියගිය සිසුවිය - ප්‍රේම සම්බන්ධයක් නිසා පන්ති තහනමකුත් තිබිලා


හැටන් කොටගල දෙමළ මහා විද්‍යාලයේ මෙවර අ.පො.ස. උසස් පෙළට සූදානම් වී සිටි පාසැල් ශිෂ්‍යාවක් අද (03.06) දහවල් 1 ට පමණ නිවසේ කිසිවෙක් නොසිටි අවස්ථාවේ ඇයගේ කාමරය තුළ වූ බාල්කයේ එල්ලී
සියදිවි හානිකරගෙන තිඛෙනවා.

මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ හැටන් කොටගල මල්ලිඅප්පු ප්‍රදේශයේ පදිංචි උදයකුමාර් ප්‍රවීනා නැමති අවුරුදු දහනවයක (19) පාසැල් සිසුවියකි. ඇයගේ දහනව වෙනි (19) උපන් දිනය අදට (03.06) යෙදී තිබූ බවත් බාලදියණිය පාසැලෙන් රැලෙන ඒමට ගිය අවස්ථාවේ තම වැඩිමල් දියණිය බාල්කයේ එල්ලී සියදිවි හානිකරගෙන ඇති බව ඇයගේ මව පවසනවා.

ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇය පන්ති තහනමකට ලක්වී සිටි නිසා ඇයගේ නිවසේ සිටම අධ්‍යාපන කටයුතු කරන ලෙසට ඇයට පැවසූ බව ඇයගේ මව පවසන්නේ. සිද්ධිය පිළිබඳව හැටන් පොලීසිය පරීක්‍ෂණ පවත්වනවා.




 
Related Posts with Thumbnails