Ads 468x60px

.

කාමාතුරයෙක් පැහැර ගත් 06 හැවිරිදි දැරිය පැය තුනක මෙහෙයුමකින් පසු සොයාගත් හැටි (පින්තුර)


පුත්තලම අනගාරික ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සය හැවිරිදි දැරියක් පුද්ගලයෙකු විසින් පැහැර ගෙන ගොස් කැලෑවක සගවාගෙන සිටිය දී පුත්තලම මූලස්ථාන පොලිසි යේ රථ වාහන අංශ නිළධාරින් හා ගම්වාසීන් එක්ව පැය දෙකකට ආසන්න කාලයක මෙහෙයුමකින් පසු දැරිය බේරා ගැනීමට හැකි වූ බවත්, සැකකාර පුද්ගලයාද කැලෑවක සැගව සිටිය දී සොයා ගැනීමට හැකි වූ බව පුත්තලම පොලිසිය පවසයි.

මෙසේ පැහැර ගෙන කැලෑවක සගවාගෙන තිබුණේ අනගාරික ධර්මපාල විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියකි. මෙම දැරිය

පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවත්,  මෙම දැරිය පවුලේ නිවුන් දරුවන්ගෙන් එක් අයෙකු බවත්, අනෙක් දරුවා පිරිමි දරුවෙකු බවද අදාල දැරියගේ දෙමාපියයෝ පවසති. 

මීට පෙර දිනවලදී අදාල දැරිය පාසල නිමා වී තම සොහොයුරා සමග කුලී ත්‍රිරෝද රථයකින් නිවස බලා යන බවත්, (1) වන දින කෙසේ හෝ අදාල දැරියට පාසල අවසන් වී නිවස වෙත යාමට ත්‍රිරෝද රථය පැමිණ නැති හේතුවෙන් මෙම දැරිය පාසල අසල රැදී සිටිය දී මෙම සැකකාර පුද්ගලයා අදාල දැරියව උපක්‍රමශීලිව මුලාකරමින් මුසා බස් පවසා පයින් රැගෙන යමින් සිටිය දී අසල නිවසක සිටි පිරිසක් විසින් දැරිය රැගෙන යන පුද්ගලයා සම්බන්ධයෙන් සැකකයක් පහළ වී ඇති ඒ බව ගම්මුන්ට දන්වා තිබූ බව කියයි.

ඉන් පසු ගම්මුන් එක්ව මෙම දැරිය රැගෙන ගොස් ඇති සැකකාර පුද්ගලයා කව්රුන්ද යන්න සොයා බැලීමට එම ප්‍රදේශයට ගමන් කරමින් සිටිය දී අදාල දැරිය සමග මෙම සැකකරු තිල්අඩිය වේලක්කන්නි දේව මෑණීයන් ගේ පල්ලියට යාබදව ඇති සොහොන අසල ඝණ කැලෑව දෙසට රැගෙන ගොස් ඇති බව සොයා ගෙන තිබුණි.

පසුව මෙම සැකකරු දැරියව කැලෑ මාර්ගයක් ඔස්සේ  ජනතාව මග හරිමින් කලපුව ආසන්නයේ පිහිටි ඝණ කැලෑවට රැගෙන ගොස් ඇති බවත්, ඒ සමගම ප්‍රදේශවාසීන් පුත්තලම මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශ නිළධාරින් සමග දැරිය සෙවීමේ දැවැන්ත මෙහෙයුම ආරම්භ කර තිබුණි.

මෙහෙයුම ආරම්භ කර පැය දෙකකට පමණ පසු අදාල දැරිය  කැලෑවෙන් එළියට පැමිණ විළාප දෙන ආකාරය ඇසී ප්‍රදේශවාසීන් ඒ දෙසට ගමන් කරන්නට වූ අතර, කැලෑවේ සිටි දැරිය හඩමින් ජනතාව දෙසට දිව එනවාත් සමග දැරියගේ පියා විසින් දැරිය ඔසවාගෙන ජනතාව වෙත රැගෙන ඒම සිදු වූයේ එම අවස්ථාව වන විටත් රැස්ව සිටි 2000ට ආසන්න ජනතාවකගේ හදවත් වලට දැඩි ආස්වාදයක් එක්කරමිනි.

පසුව මෙම දැරියගේ මව සමග  පොලිස් ස්ථානය වෙත යැවීමට කටයුතු කල පොලිස් නිලධාරින් නැවත ජනතාව සමග සැකකරු සොයා මෙහෙයුම ආරම්භ කල අතර, දැඩි පරිශ්‍රමයකින් පසු සැකකාර කාමාතුරයා ප්‍රදේශවාසීන් හා පොලිසිය විසින් සොයා ගැනුන නමුත් මෙම සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට නැවතත් පැය
ට ආසන්න කාලයක් ගත වූයේ රැස්ව සිටි පිරිස මෙම සැකකරුව පොලිසියට රැගෙන යාමට ඉඩ නොදෙමින් කලහාකාරි ලෙස හැසිරෙමින් දැඩි ලෙස සැකකරුට පහර දීම හේතුවෙනි.

මේ නිසා පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ තිල්අඩිය වේලක්කන්නි දේවස්ථානය අසල සිට දුම්රිය හරස් මාර්ගය දක්වා දැඩි වාහන තදබදයක් ඇතිව තිබූ අතර, ජනතාව 2000ට ආසන්න ප්‍රමාණයක් රැස්ව සිටි ආකාරය දැක ගත හැකි විය.

අත් අඩංගුවට ගත් සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවට දැනට කරන ලද පරික්ෂණ වලදී හෙළිවී ඇති බව පොලිසිය පවසයි. සිද්ධියට මුහුණ පෑ දැරිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට සූදානම්ව තිබූ බව පොලිසිය කියයි.























 
Related Posts with Thumbnails