Ads 468x60px

.

"නතාෂාගේ ලස්සනට තමයි මම ආකර්ෂණය වුනේ" - ප්‍රිහාන් හා නතාෂාගේ ආදර කතාව


කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පසුගිය මස නව පරපුරේ ගායන ශිල්පි ප්‍රිහාන් මඩප්පුලි හා ජනප්‍රිය ගායන ශිල්පිනියක, රංගන ශිල්පිනිය ක සහ නිවේදිකාවක වන නතාෂා පෙරේරා යුග දිවියට එළඹුණා.

පහතින් පලවන්නේ ප්‍රිහාන් හා නතාෂාගේ ආදර කතාවයි..

“මම නතාෂාව පෞද්ගලිකව හඳුනා ගත්තේ 2008 දීයි. කැලුම් ශ්‍රීමාල් පද රචනය කළ ‘යායට පායනා පෝදා සඳ‘ ගීතයෙන් 2009 දී අපි එකතු වුණා. නතාෂාගේ ලස්සනට තමයි මම මුලින්ම ආකර්ෂණය වුණේ. 


නතාෂාව දැක්ක පළමු වතාවේ ඉඳලම එයා ගැන මගෙ හිතේ හැඟීමක් ඇති වෙලා තිබුණා. හැබැයි නතාෂාට මම මගේ කැමැත්ත ප්‍රකාශ කරද්දී
අපි හොඳ යාළුවෝ විදිහට හුඟාක් ළං වෙලයි හිටියේ. 2011 දී තමයි මම මුලින්ම නතාෂාට මගේ ආදරේ පැවසුවේ. 

නතාෂාව මගේ බිරිය කර ගන්න මං තීරණය කළේ එයා වගේම එයාගේ හිතත් ලස්සන හින්දායි. එයාගේ ගතිගුණ වලටයි පැවතුම් වලටයි මං හරි කැමතියි. මගේ පවුලේ හැමෝම එක්ක නතාෂා එකමුතුයි. එයාලත් නතාෂාට ආදරෙයි.“

සිය ජීවන සහකාරිය වූ නතාෂා පිළිබඳව ප්‍රිහාන්ගේ සිතුවිලියි ඒ. ළමා ගායිකාවක ලෙසින් “සුළඟක් වී මං යනවා“ ගීතය විශාරද එඩ්වඩ් ජයකොඩි සමඟින් ගයමින් මෙරට ගීතලෝලීන්ගේ සිත් මුලින්ම ආකර්ෂණය කරගත් නතාෂා සුළඟක් වී ඈත්ව නොගොසින් සිය ජීවන සහකරු වූ ප්‍රිහාන් ට සමීප වූ අයුරු වදන් කළේ මේ අයුරින් ය.

“අම්මා තමයි මගේ ජීවිතේ ළඟින්ම උන්නු මාව ආදරෙන් බලා ගත්ත මට විශ්වාස, මාව අවබෝධ කරගත්ත කෙනා.

ප්‍රිහානුත් අම්මා තරමටම මට ළං වුණා. අපි දෙන්නා ‘යායට පායනා‘ ගීතය ගායනා කළාට පස්සේ හොඳ යාළුවෝ වුණා. ඒ යාළුවාට මාව මගේ අම්මා වගේම ආදරෙන් බලා ගන්න පුළුවන් වුණා. 


කාලයක් එහෙම හොඳ විශ්වාසවන්ත යාළුවෙක් විදිහට ළඟින්ම ඉඳන් මාව බලාගන්න කොට මට හිතුණා ජීවිත කාලෙටම මාව බලා ගන්න හොඳම කෙනා තමයි ප්‍රිහාන් කියලා. ප්‍රිහාන් අපේ පවුලේ හිතවතෙක් වෙලා උන්නු හින්දා අපේ ආදරේට බාධා ඇති වුණේ නැහැ.“

දැන් නතාෂා නිතිඥවරියක් ද වී සිටින අතර ප්‍රිහාන් ගීත නිර්මාණ ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකි. වෘත්තීය හා ව්‍යාපාරික කටයුතු වලට අමතරව ඉදිරියේ දී දෙදෙනාම එක්ව ගීත කිහිපයක් නිර්මාණය කරමින් කලා කටයුතු වල නියැලීමටත් ප්‍රිහාන්, නතාෂා බලාපොරොත්තු වෙති.
 
Related Posts with Thumbnails