Ads 468x60px

.

පරාජය දැනී කුපිත වූ මහින්ද සිය ආධාරකරුවෙකුට පහරදීමට උත්සහ දැරූ වීඩියෝව මෙන්න..


මෙවර පාර්ලිමේන්තු මැතිවරණට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල කුපිත වූ ස්වභාවයකින් කටයුතු කරන බව හෙළි දරව් වෙනවා.

ජනාධිපතිව සිටියදී පරාජයට පත්වූ ශ්‍රී ලංකාවේ එකම ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා බවට පත්වෙමින් ජනවරි 08 වනදා පැවති
ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතාට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද අන්ත පරාජයකට මුහුණ දීමට සිදුවන බවට අනාවැකි පල වන අතර එය තමන්ටද අවබෝධ වීම නිසා මෙසේ කුපිත වූ ස්වභාවයකින් කටයුතු කරන බව වැඩිදුරටත් හෙළි දරව් වෙනවා.

ඔහුගේ එම ස්වභාවය මාධ්‍ය වෙත පළමු වරට ඊයේ (21) අනාවරණය වී තිබෙනවා. ඒ අකුරැස්ස ප්‍රදෙශයේ පැවති ජනහමුවකට සහභාගී වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගීවෙමින් සිටියදී වේදිකාව අසල දී සිය ආධාරකරුවන් කිහිපදෙනෙකුට පහරදීමට දැරූ අවස්ථාවේදීය.

ඊට හේතුව වුයේ මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැති ‍රැළියකට මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමේදී සන්ධානයේ පාක්ෂිකයකු විසින්ම රාජපක්ෂ මහතාගේ අත ඇගිල්ලක දමා තිබු විශාල ප්‍රමාණයේ මුද්ද අල්ලා මේ එල්ටීටීඊයෙන් ගත්ත රත්තරන් නේදැයි අසා ඇති බව එහි සිටි මාධ්‍යවේදියකු අප වෙත පැවසුවා.

ඉන් උරන වූ මහින්ද රාජපක්ෂ මහතා පාක්ෂිකයාගේ අත ගසා දමා බුග්.. බුග්... ගා කේන්තියෙන් පුපුරන්නට පටන් ගෙන තිබෙනවා. එවිට ඔහුගේ ආරක්ෂක නිලධාරීන් රාජපක්ෂ මහතාව එතැනින් ඉවත් කිරීමට කටයුතු කලා. මෙම ‍රැළිය සංවිධානය කළේ අකු‍රැස්ස ශ්‍රි ලනීප සංවිධායක මනෝජ් පීරිස්ය. කෙසේ නමුත් මෙම ‍රැළිය සඳහා රාජපක්ෂ මහතා විනාඩි 15 කට වඩා කාලයක් රැදී නොසිට යන්නට ගියා.


එම වීඩියෝව පහතින්.

 
Related Posts with Thumbnails