Ads 468x60px

.

බීපු එක්කෙනෙක් මගේ කිහිල්ලට යටින් අතක් දැම්මා - අකුරැස්සේ මහින්දගේ සිද්ධියට මැදිවූ තැනැත්තා කතා කරයි!


ඉකුත් 21 වැනිදා අකුරැස්ස නගරයේ පැවැති සන්ධාන රැලියේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඇල්ලීමේ සිදුවීමක් හේතුවෙන් ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීම පිළිබඳව එම සිදුවීමට මැදි වූ වෘතියෙන් ග්‍රාම සේවා නිලධාරියෙක් වන ඩබ්ලිව්. විජේසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා.

මම යතුරු පැදියට ඉන්ධන ගන්න අකුරැස්ස නගරයේ ඉන්ධන පිරවුම් හලට ගියා. එදා මගේ නිවාඩු දවස. එවිට විශාල වර්ශාවක් කඩාගෙන වැටුණා. සුළු වේලාවකදී මහින්ද මහත්තයා එන බවට ආරංචි වූ නිසා

ඔහු සියසින් දැක බලා ගන්න මට හිතුණා.මා සිටි තැන විශාල සෙනගක් හිටියා.

ඒ සමගම මහින්ද මහත්තයා වේදිකාව දෙසට යන්න ආවා.ජනතාව ඔහුගේ අතින් අල්ලා ගෞරව දැක්වූවා.මහින්ද මහත්තයා මා අසලට එනවිට මගේ පිටිපස්සෙන් සිටි බීමත් අයෙකු මගේ කිහිල්ලට යටින් අතදමා මහින්ද මහත්තයාගේ අතින් අල්ලා ගත්තා.


මුදු දමා තිබූ ඇගිලි වලින් තමයි ඔහු ඇල්ලූවේ.එවිට විශාල තෙරපීමක් ආවා.මහින්ද මහත්තයා පිටුපසට පැන අත ගලවා ගත්තා.මා ළග සිටි කුමාර මල්ලී ඒ පුද්ගලයාට ගහන්නත් ගියා.එතැනින් සිද්ධිය අවසන් වුණා.

ඊට පසුව මෙය අන්තර්ජාලය ඇතුළු මාධ්‍යවල ප‍්‍රචාරයවුණා.පත්තරවලත් පළවුණා.බොහෝ අය හිතාගෙන ඉන්නේ මම මහින්ද මහත්තයාගේ අතින් අල්ලාගෙන ඉන්නවා කියලයි.මගේ ඡයාරූපයයි එතැන පේන්නේ.මට පාරක බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ.හැමෝම අහන්නේ මොකද වුණේ කියලා


මීට අමතරව පොලීසිය හා රාජ්‍ය බුද්ධි තොරතුරු සේවාවන් ද ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගෙන ඇත.


පෙර පුවත්

ඇඟිල්ල ඇල්ලුවාම මට ඉන්න බැරිවුණා‘ එදා වුනු දේ ගැන මහින්ද කරුණු පහදයි (වීඩියෝ)
පසුගිය දස වසරක කාලය තුළ මහින්දගෙන් ගුටිකෑ නම් ලැයිස්තුව මෙන්න - මර්වින්ට මුත්‍රාත් පහවෙලා.
පරාජය දැනී කුපිත වූ මහින්ද සිය ආධාරකරුවෙකුට පහරදීමට උත්සහ දැරූ වීඩියෝව මෙන්න..
 
Related Posts with Thumbnails