Ads 468x60px

.

සීබී රත්නායකගේ රියදුරු දිවි නසාගෙනද..? මරලාද..? ( වීඩියෝ)


පසුගිය රජය සමයේ පුද්ගලික ප්‍රවාහන ඇමතිවරයාව සිටි සී.බී. රත්නායක මහතාගේ රියදුරුගේ මළ සිරුර ඒ මහතාට අයත් කොළඹ මළලසේකර මාවතේ නිල නිවසක තිබී පොලිසිය විසින් ඊයේ සවස සොයා ගත්තා.

දින දෙක තුනකට පෙර දිවිනසාගත් ආකාරයක් දිස්වූ මෘත දේහය පරීක්ෂා කිරීමේදී සිරුර අසළ පානය කරන ලද බවට සැකකෙරෙන වස කුප්පියක් හා ලියුමක් හමුවී තිබුණා. එම ලියුමේ සඳහන්ව තිබී ඇත්තේ
ඔහු සිය බිරියට ලියූ සටහනකි. එම සටහනට අනුව සිබී හිටපු ඇමතිවරයාට අයත්ව තිබී ඉකුත් 1 වනදා ගිනිගත් මාදිවෙල නිවස ගිනි තැබුවේ තමා බවට හිටපු ඇමතිවරයා තමාව සැක කරන බවත් එම සැකය නිසා තමා සිත් තැවුලට පත්ව ඇති බවත් එය ඉවසන්නට බැරි තැන මේ ආකාරයට දිවිනසාගන්නට තීරණය කළ බවත් දක්වා ඇත.

මෙසේ මියගොස් ඇත්තේ රිදීගම ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි ප්‍රේමසිරි සුරවීරආරච්චි නමැති තිදරු පියෙකි. ඔහු කාලයක් තිස්සේ හිටපු ඇමතිවරයාගේ රියදුරු වශයෙන් සේවය කළ බව පැවසුණා. 

මින් දින 11 කට පමණ පෙර ඇමතිවරයාට අයත් මාදිවෙල දෙමහල් නිවස අභිරහස් ලෙස ගිනිගෙන මුළුමණින්ම විනාශවී තිබුණ අතර ඒ දිනයේ පටන් මෙම රියදුරු නිවසට නොපැමිණි බවත් ඔහුගෙන් කිසිම පණිවඩයක් නොතිබුණ බවත් පවසමින් රියදුරුගේ බිරිය හා සොයුරෙකු පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් මේ අතුරුදන්වීම සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයා කිසිවක් ප්‍රකාශ කර තිබුනේ නැත.රියදුරු ගැන තොරතුරු සොයමින් සිටි සොයුරාට හිටපු ඇමතිවරයාගේ මළලසේකර මාවතේ නිල නිවසේ මේ රියදුරු සිටින බවට කිසියම් හෝඩුවාවක් පෙරේදා ලැබී ඇත.

 ඒ නිසා ඔහු ඊයේ කුරුඳුවත්ත පොලිසියට ඒ ගැන සැලකිරීමෙන් පසු පොලිසිය එම නිවසට පැමිණ ගේට්ටුව කඩා විවර කර නිවස පරීක්ෂා කිරීමේදී මෙකී මළ සිරුර හමුවුණා. එය හමුවන විටත් රියදුරු මියගොස් දින දෙකතුනක් ගතවී තිඛෙන බව ඒත්තු ගොස් ඇත.

එම නිල නිවසේ වෙනත් අය සිටියාදැයි වාර්තා නොවේ. රියදුරු අතුරුදන් වූ දිනයේ සිට මෙම නිවසේ සිරවී සිටියාද? සිත්තැවුලකින් මියගියා නම් ඒ බව නිවසට දන්වන්නට වෙනත් ක්‍රම භාවිත නොකර ලිපියකින් දන්වා වස බොන්නට තරම් හේතු තිබුණාද? හිටපු ඇමතිවරයා රියදුරු මේ නිවසේ සිටි බව දැන සිටියාද? වැනි ගැටලූ තවමත් අභිරහස් ලෙස පවතී.

මෙය මිනීමැරුමක්ද නැතහොත් ඇත්තටම දිවිනසාගැනිමක්ද යන්නද මරණ පරීක්ෂණය අනුව තීරණය වනු ඇත. ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකය.
නිවස පරීක්ෂා කිරීමට පොලිසිය පැමිණි අවස්ථාවේ වීඩියොව පහතින්

 
Related Posts with Thumbnails