Ads 468x60px

.

පාර්ලිමේන්තුවට යා නොහැකි වුවත් රනිල් එක්ක ඉන්නවා - රෝසිගෙන් නිවේදනයක්


මනාප නැවත ගණන් කරන ලෙස පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසරය මත ඉල්ලා සිටින බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස තමාට නැවත පාර්ලිමේන්තුවට යාමට අවස්ථාව උදාවනු ඇති බවත්, එමෙන්ම ඇතැම් විට එම අවස්ථාව නොලැබී යා හැකි බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එම නිසා ජාතික ලැයිස්තුව මගින් තමාව පාර්ලිමේන්තුවට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලා එක්රැස්වීම හෝ අර්ථයක් නොමැති ආයාචනා

හෝ සිදුනොකරන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බව ද ඇය එම නිවේදනයේ සඳහන් කොට තිබුණි.

බොහෝ කාන්තා සංවිධාන ප්‍රධාන සමාජ සමූහ රාශියක් තමා පාර්ලිමේන්තුවට ඇතුළත් කරගන්නා ලෙස පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කිරීමට සැලසුම් කර තිබෙන නමුත් පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් ඇතුළත් කර නොගන්නා ප්‍රතිපත්තියක එක්සත් ජාතික පක්ෂය සිටින නිසා ඒ ප්‍රතිපත්තිය රැකීමට සියලු දෙනාම කටයුතු කළ යුතු බව ඇය මෙම නිවේදනයෙන් අවධාරණය කරයි.

පාර්ලිමේන්තුවට යා නොහැකි වුවත් පක්ෂය සහ ජනතාව වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇපකැපවී කටයුතු කරන බව ද ඇය සඳහන් කොට ඇත.
 
Related Posts with Thumbnails