Ads 468x60px

.

කෑගල්ලේ භූගත ගණිකා නිවස වටලයි 3ක් අත්අඩංගුවට

භූගත ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය හිමිකාරිනියක් ඇතුළු ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් තිදෙනෙක් කෑගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි.
කෑගල්ල පොලිසියට ලැබුණ විශ්වාසදායක ඔත්තුවක් මත කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව මෙම වැටලීම පෙරේදා (27) සන්ධ්‍යා කාලයේදී සිදුකරන ලදී.


කෑගල්ල මීපිටිය ප්‍රදේශයේ කාලයක සිට පවත්වාගෙන ගිය මෙම ගණිකා මඩම වැටලීම කරන මොහොතේ එහි ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් තිදෙනෙකු ද අත්අඩංගුවට පත්වූ අතර, එහි හිමිකාරිනියද එම වෘත්තියේම නියැලී මෙම ගණිකා මඩම පවත්වාගෙන යන බවට පොලිසියට කරුණු අනාවරණය කරගෙන ඇත. මෙම වැටලීම කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්. පී. කමල් පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමකට කෑගල්ල පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතා දුන් උපදෙස් අනුව සිදුකර ඇත.
 
Related Posts with Thumbnails