Ads 468x60px

.

නැනෝ මෝටර් රථ 6ක් ඉන්දියාවේ ගිනිගෙන ප‍්‍රමිතිය අන්තිමයි,

ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු විසින් ආරම්භ කොට ඇති කුලී රථ සේවා දෙක මඟින් ධාවනය කරනු ලබන ඉන්දියාවේ නිෂ්පාදිත සැහැල්ලූ කාර් ධාවනය කිරීම ඉන්දීය රජය විසින් සුදුසු නොවන බව තහවුරු කොට තිබියදී එකී රථ ශ‍්‍රී ලංකාවේ ධාවනය කිරීමට අවසර ලබාදීම පසුපස විශාල අත යට ගණුදෙනුවක් වී ඇතැයි වාර්තා වේ.

කොළඹ ත‍්‍රී රෝද රථ ධාවනය කිරීම තහනම් කොට වසර 25ක බදු සහන මත අදාල ව්‍යාපාරික මන්ත‍්‍රීවරයාට ලබා දී ඇති මෙම කුලී රථ සේවාව නිසා දැනට කොළඹ නගරයේ ධාවනය කෙරෙන ත‍්‍රී රෝද රථ පන්දහසකට ආසන්න ප‍්‍රමාණයක රියදුරන්ගේ පවුල් දැඩි අපහසුතාවයකට පත්වන බව තී‍්‍ර රෝධ රථ රියදුරන්ගේ සංගමය පවසයි.

කුලී රථ සේවාව සඳහා ඉන්දියාවෙන් ගෙන්වන ලද මෝටර් රථ 6ක් ඉන්දියාවේ විවිධ ප‍්‍රදේශවලදී ගිනිගෙන දැවී ඇති බවත් ශ‍්‍රී ලංකාවේද පසුගිය සති කිහිපය ඇතුලත අදාල වර්ගයේ රථ තුනක් ගිනිගෙන දැවී ඇති බවද ඔවුන් පවසයි.
 
Related Posts with Thumbnails