Ads 468x60px

.

මහපොළවේ වැළලී පැය 5 ක් වාර්තාව අලුත් වෙයි.

පසුගිය අගෝස්තුමස දැල්වූ ගිනිමැලයක් යට මහපොළවේ වැළලී පැය තුනක් විනාඩි 39 ක් තත්පර 12 ක් ගත කිරීමෙන් මීරිගම පල්ලෙවෙල මිහිඳුපුරයේ රංජිත් කුමාර ජයසිංහ මහතා ශ්‍රීලංකා වාර්තාවක් තැබීමට සමත් වුනා.නමුත් පසුගිය 25 වනදා එම වාර්තා බිඳ දැමීමට පුජාපිටිය සියපත්ගමෙහි වෙසෙන කේ.එම් හින් බණ්ඩා මහතා සමත්වුනා.

ඒ දැල්වූ ගිනිමැලයක් යට මහපොළවේ වැළලී පැය 5 ක් ගත කිරීමෙනුයි.

විශේෂ අධීක්ෂණ මණ්ඩලයක් විසින් මෙය අධීක්ෂණය කරනු ලැබූ අතර පස්වරු දෙකට වැළලු ඒ මහතා රාත්‍රී 7 වනවිට නිරුපද්‍රිතව වලෙන් ගොඩට ගෙන ඇත.


පිහිටවනු ලැබූ නව ශ්‍රීලංකා වාර්තාවෙන් අනතුරුව හින්බන්ඩා මහතා ප්‍රකාශ කොට ඇත්තේ යෝගී ව්‍යායාම බලයෙන් තම චිත්ත බලය වැඩිකරගෙන මෙම ත්‍රාසජනක කටයුත්තේ නිරතවූ බවයි.
 
Related Posts with Thumbnails