Ads 468x60px

.

ජොනීගේ රහස්‍ය ලේකම්වරිය වන නිරූ හොරෙන් සිංගප්පූරුව බලා යයි

අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඔහුගේ ‘‘රහස්‍ය ලේකම්වරිය’’ ලෙස කටයුතු කළ නොටෝරියස් නිරූව වහාම ක‍්‍රියාත්මකවන පරිදි එළවා දමා ඇති බව වාර්තා වේ. මෙසේ එළවීමත් සමඟම නිරූට ජොනි විසින් ලබා දී තිබූ ලැප්ටොප්, මොබයිල්, සහ මෝටර් රථය වහාම අමාත්‍යාංශය බාරයට ලබා ගන්නා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් විසින් තම ආරක්‍ෂකයින්ට උපදෙස් දී තිබේ. 
 
නොටෝරියස් නිරූව මෙසේ වහාම එළවා දැමීමට හේතු වී ඇත්තේ ඇය රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමඟ ජොනීට රහසෙන් සිංගප්පූරුව බලා යාමයි. සභාපතිවරයාගේ හා නිරූගේ මෙම රහස් සවාරිය ඔවුන් දෙදෙනා සිංගප්පූරුවේ සිටිය දීම ඇමති ජොනී වෙත සැලවී තිබේ. මෙය සැලවුණු විගස ඇයව තම අමාත්‍යාංශය කරා රැගෙන ආ ජොනීගේ උපදේශකයෙකුවන මොහොමඞ් ඉලියාස් නොහොත් ‘‘ඩිඩා’’ගෙන්වා ඔහුට  තදබල ලෙස බැන වැදී ඇති ජොනී ඔහුවද එළවාදමා තිබේ.

මොවුන් දෙදෙනා සතුව තමන්ගේ විශාල රහස් සංඛ්‍යාවක් ඇතිබව මතක්වී ඇති ජොනී ඇමතිවරයා පසුව ඩිඩාට දුරකතන ඇමතුමක් ලබා දී ‘‘හොඳයි මම තමුසෙව ආයිත් වැඩට ගන්නම් හැබැයි අරකි ඔය එකඑකාට මගේ ගැන එක එක දේවල් නොකියන්න තමුසෙ වගබලා ගන්න  ඕනේ.’’ යනුවෙන් පවසා ඇත.   
 
Related Posts with Thumbnails