Ads 468x60px

.

ජනප‍්‍රිය ගායකයකු වන සංගීත් විජේසූරිය ‘සනිධප’ සංගීත කණ්ඩායමෙන් එළියට

ජනප‍්‍රිය ගායකයකු වන සංගීත් විජේසූරිය ‘සනිධප’ සංගීත කණ්ඩායමෙන් ඉවත්වී ඇතැයි වාර්තා වේ. සංගීත් මේ වන විට වෙනත් සංගීත කණ්ඩායමක් සමඟ පුහුණුවීම්වල නිරත වන බවපැවසේ.කෙසේ වු ‘සනිධප’ කණ්ඩායමට ලැබී ඇති ඉදිරි සංගීත සංදර්ශන හේතුවෙන් සංගීත්ගේ ඉවත්වීම හෙළි කිරීමට මැලිවී ඇතැයි වාර්තා වේ.


බ්ලූශැඩෝස් සංගීත කණ්ඩාමේ ‘සිරියලතා’ ගීතයත් සමඟ ගායකයෙකු ලෙස ජනපි‍්‍රයත්වයට පත් සංගීත් දශකයකට ආසන්න කාලයක් ‘සනිධප’ සංගීත කණ්ඩායමත් සමඟ එක්ව කටයුතු කළේය.

සංගීත් ආන්දෝලනාත්මක චරිතයක් වන අතර වරක් ඔහු විජේරත්න වරකාගොඩ මහතා කලකට ඉහතදී ගායනා කළ ‘රඟහල දැන් ඇත අඩ අඳුරේ’ ගීතය නව සංගීත රටා සමඟ ගායනා කිරීම හේතුවෙන් නඩුවකපැටලූණි.

එසේම ජනපි‍්‍රය නිළියක්ව සිටි සසන්ති ජයසේකර සමඟ පැවැත්වූ හාදකමක් හේතුවෙන්ද ඔහු මාධ්‍ය තුළ පසුගිය කාලයේදී නිතර කතාබහට ලක් විය.සංගීත් හා සසන්ති විදෙස් ගතව එකට වාසය කරන බවට ද එකළ රාවයක් පැවැතිණි.සංගිත් ගායකයකුවීමට පෙර කරාටි ගුරුවරයෙකු ලෙස ද කටයුතු කර ඇතැයි වාර්තා වේ.
 
Related Posts with Thumbnails