Ads 468x60px

.

රන්ජන්ට එරෙහිව පැමිණිලි කළ ගුරුවරිය රක්ෂිතයට


රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කළ බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායකට එරෙහිව පැමිණිලි කළ කාන්තාව අද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. අදාළ තීරණය ගනු ලැබුවේ එම කාන්තාව සිය නම සහ වයස ව්‍යාජ ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් එල්ල වු චෝදනාවක් හේතුවෙනි.


මහනුවර විශේෂ අපරාධ විමර්ශන විසින් අංශය ඇය අද අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.

පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඇය ලබන මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

ගුරුවරියක් වන  එම කාන්තාව කටුගස්තොට මහයියාව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක රුපියල් ලක්ෂ 10 ක මුදලක්  වංචා කළ බවට චෝදනා කරමින් මීට පෙර ඇය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව ඒ සම්බන්ධයෙන් මේ වනවිට නඩුවක් විභාග වෙමින් පවතී.
 
Related Posts with Thumbnails