Ads 468x60px

.

සෝමවංශ අමරසිංහ, ටිල්වින් සිල්වා සහ අනුර කුමාර දිසානායක යන අයට ව්‍යවස්‌ථානුකුලව දඬුවම්

සෝමවංශ අමරසිංහ, ටිල්වින් සිල්වා සහ අනුර කුමාර දිසානායක යන අය ජනතා විමුක්‌ති පෙරමුණේ විනය බරපතළ ලෙස කඩකර ඇති නිසා වහා පක්‍ෂ සම්මේලනයක්‌ කැඳවා ඔවුනට ව්‍යවස්‌ථානුකුලව දඬුවම් දිය යුතු බව ජවිපෙ ෙද්ශපාලන මණ්ඩල සභික පුබුදු ජාගොඩ පවසයි.
විනය කඩකිරීමේ චෝදනාව යටතේ මෙම තිදෙනාගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කර ජවිපෙන් නෙරපා දැමිය යුතු බවට සම්මේලනයේදී බහුතර සාමාජික පිරිසක්‌ තීරණය කළොත් එම තීරණය ක්‍රියාවට නැංවිය යුතු බව ද හෙතෙම අවධාරණය කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර අර්බුදය පිලිබදව ‘දිවයින’ පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් ජාගොඩ ඒ බව සදහන් කර ඇත.ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ අනුර කුමාර දිසානායක යන අය විනය විරෝධී ලෙස හැසිරෙමින් ප්‍රකාශ නිකුත් කරමින් පක්‍ෂ ව්‍යවස්‌ථාව උල්ලංඝනය කරන බව ද ඔවුන්ට දඬුවම් ලබාදිය හැක්‌කේ සමාජයෙන්ම පමණක්‌ බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.‘දිවයින’ මාධ්‍යවේදියා හා පුබුදු ජාගොඩ අතර පවතී සංවාදයෙන් උපුටාගත් කොටස් කිහිපයක් පහත පළවේ.

ඔබ කණ්‌ඩායම අලුත් පක්‍ෂයක්‌ හදනවද?

පුබුදු : අලුත් පක්‍ෂයක්‌ හදන්න අදහසක්‌ නැහැ. මේ පක්‍ෂය නිවැරැදි ගමන් මඟකට ගත යුතුයි. ඒ සඳහා වැරැදි නතර කළ යුතුයි. ඒ කියන්නේ වැරැදි කළ පුද්ගලයන් නැති කිරීම නොවේ. පුද්ගලයන් ඉතිරි කර වරද ඉවත් කිරීමයි. ඒ දෙකම බැරි නම් තමයි පුද්ගලයා ඉවත් කළ යුත්තේ. හරියට විමල් වීරවංශ පක්‍ෂයෙන් ඉවත් කළා වගේ.

කවුද මේ ප්‍රේමකුමාර් ගුණරත්නම් නොහොත් කුමාර් මහත්තයා?

පුබුදු : පක්‍ෂයේ නායක සෝමවංශ අමරසිංහ, ලේකම් ටිල්වින් සිල්වා දෙදෙනාම මීට කලින් මාධ්‍ය වෙත ඔය ප්‍රශ්නයට උත්තරයක්‌ දී තිබෙනවා. දේශපාලන මණ්‌ඩල සභිකයෙක්‌ ලෙස මට කියන්න තියෙන්නෙත් ඒ උත්තරයමයි.ඔවුන් කියා තිබුණේ කුමාර් කියා කෙනෙක්‌ නැහැ කියලා?

පුබුදු : අපිට සාමූහික වගකීමක්‌ තියෙනවා. පක්‍ෂයේ නායකතුමා කියා තිබෙනවා එහෙම කෙනෙක්‌ කවදාවත් ඉඳලා නැහැ කියලා. ජවිපෙ දේශපාලන මණ්‌ඩල සභිකයකු ලෙස ඊට වඩා දෙයක්‌ මට කියන්න බැහැ. ඒත් ඉතින් මාධ්‍යවල ඔහු ගැන විවිධ විස්‌තර යනවා. එවන් අය ගැන නිල ප්‍රකාශයක්‌ කළ යුත්තේ පක්‍ෂයේ නායකයා… ඕපාත මහත්තයා නමින් කෙනෙක්‌ නම් ඉන්නවා. ඔහුගේ නම සේනාධීර පක්‍ෂයේ පැරැණි සාමාජිකයෙක්‌.

ජවිපෙ කැරලිකාර කණ්‌ඩායම පිටුපස සීඅයිඒ, රෝ වැනි විදෙස්‌ රහස්‌ ඔත්තු සේවා සිටින බවට නැඟෙන චෝදනාව?

පුබුදු : නෑ… එහෙම එකක්‌ නැහැ. විදේශ ඔත්තු සේවා සමග අප පක්‍ෂයේ කිසිම සම්බන්ධයක්‌ නැහැ. නිශ්චිතවම නෑ. ඒක ස්‌ථිරයි. ඔය කතාව 1965 ඉඳන් කියනවා. ජවිපෙ හදද්දි කිව්වා තරුණයන් බිලිබාන සීඅයිඒ කෙමනක්‌ කියලා. නිකං කියනවා. ඔප්පු කළ හැකි දත්ත, සාධක නෑ. රෝහණ විඡේවීර සීඅයිඒ ඔත්තුකාරයෙක්‌ කියා කිව්වා. සෝමවංශ අමරසිංහ රෝ ඔත්තුකරුවෙක්‌ කියා කිව්වා. ඒත් ඒ එකක්‌වත් ඔප්පු කළේ නෑ. මේ අද කියන කතාවත් අසත්‍යයි. ඒ නිසා ඔප්පු කරන්න බැහැ.

ජවිපෙ කැරලිකාර කණ්‌ඩායම රටේ බලය ගන්න සන්නද්ධ අරගලයකට සූදානම් වෙනවාද?

පුබුදු : ජවිපෙ මධ්‍යම කාරක සභාව තුළ සන්නද්ධ අරගල ගැන කතා කරලා නැහැ. ලෝකයේ සන්නද්ධ අරගලවලට පරාජය හිමිව තිබෙනවා. දිනන සන්නද්ධ අරගල තිබෙනවා ලිබියාව වගේ. ඒවාට ඇමරිකාව, නේටෝව සහාය දක්‌වන නිසා ඒ සන්නද්ධ අරගල දිනනවා. එම නිසා වමේ කිසිම ව්‍යාපාරයක්‌ ලෝකයේ සන්නද්ධ අරගලවලට යන්නේ නැහැ. සන්නද්ධ අරගලයක්‌ කෙනෙක්‌ යෝජනා කරනවා නම් ඒක අතිශයින්ම මුග්ධ මෝඩ කතාවක්‌. ශ්‍රී ලංකාවේ පරිණත හමුදාවක්‌ සිටිනවා. ලංකාවේ ජනතා අනුමැතියක්‌ සන්නද්ධ අරගලයකට ලැබෙයි කියා හිතන්න බැහැ. යුද්ධය අවසන් ජනතාව හුස්‌මක්‌ ගන්නා වෙලාව. අපි සන්නද්ධ අරගලයකට සූදානම් වන බව දිගින් දිගටම පළවූ ප්‍රවෘත්ති වෙන විදිහක කුමන්ත්‍රණයක්‌. පක්‍ෂය තුළම හෝ පිටත කුමන්ත්‍රණයක්‌. මේ සඳහා මගේ නමත් සඳහන් කර තිබෙනවා. එය අපේ ආරක්‍ෂාවටත් තර්ජනයක්‌. එහෙම නම් අපේ රහස්‌ ඔත්තු සේවා මේවා සොයාගත යුතුයි. අපේ දේශපාලන ගමන්මඟ අනුව නේටෝවේ හෝ ඇමරිකාවේ උදව් ගන්න අපි යන්නේ නැහැ.

පක්‍ෂයෙන් ගිය අයට යළි පැමිණීමට දොරගුළු විවෘත කර ඇතැයි අනුර කුමාර දිසානායක මහතා ආරාධනාවක්‌ කර තිබුණා. ඔබ ඒ ආරාධනාව පිළිගන්නවාද?

පුබුදු : අපි පක්‍ෂය හැර ගියෙත් නෑ. හැර යන්නෙත් නැහැ. අපිව පක්‍ෂයෙන් නෙරපන්නත් බැහැ. ඔය කියන්නේ විමල් වීරවංශටද දන්නේ නැහැ. විමල් වීරවංශ පක්‍ෂයෙන් ගිය පසු කිසිම කෙනෙක්‌ පක්‍ෂය හැර ගියේ නෑ. එනිසා අපට ආරාධනා කරන්න ඕනෑ නැහැ. අපි එවැනි ආරාධනාවක්‌ පිළිගන්නෙත් නැහැ.

ඇත්තම කියන්න… මේ අර්බුදයේ නිමාව කෙසේ වේවිද? සංහිඳියාවෙන් විසඳේවිද?

පුබුදු : බලාපොරොත්තු තිබෙනවා සංහිඳියාවක්‌ ගැන ඒත් විශ්වාසය නැහැ ..
 
Related Posts with Thumbnails