Ads 468x60px

.

සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගෙන ගිය ගණිකා නිවසක් වටලයි

නවගමුව, නුවර පාරේ කොතලාවල ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසිය විසින් වටලා තිබේ. ඊයේ (08) පස්වරුවේ නුගේගොඩ කොට්ඨාස හදිසි ඇමතුම් අංශයේ නිලධාරී කණ්ඩායමක් විසින් අදාළ වැටලීම සිදුකර තිබුණි.


වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ රැඳී සිටි මතුගම, අම්බලන්තොට, ඇල්පිටිය සහ තෙල්දෙනිය යන ප්‍රදේශවල පදිංචි තරුණියන් සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.

එසේම එම ස්ථානයේ කළමනාකාරවරයා සහ වෛද්‍යවරයෙකු වශයෙන් පෙනී සිටි පුද්ගලයා ද අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

මෙම ගණිකා නිවාසය පවත්වාගෙන යාම සඳහා ආධාර අනුබල දුන් බවට අරනායක සහ පොල්ගොල්ල ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙය වන බව මිරිහාන පොලිසිය සඳහන් කරයි.
 
Related Posts with Thumbnails