Ads 468x60px

.

අත්අඩංගුවට ගන්නා ගණිකාවන් ලිංගික අවශ්‍යතාවයන් සඳහා දේශබන්දු රැගෙන ගිහින්

නුගේගොඩ ප‍්‍රදේශයේ ගණිකා නිවාස වැටලීමේදී පොලිස් අත්අඩංගුවට පත් වන සුරූපී කාන්තාවන් නුගේගොඩ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් දේශපාලනඥයින්ගේත්, රජයේ නිලධාරීන්ගේත්, විශේෂයෙන් පොලිසියේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුගේත් ලිංගික අවශ්‍යතාවයන් සන්තර්පනය කිරීම සඳහා රැගෙන යන බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.


පසුගියදා රාති‍්‍රයේ නුගේගොඩ පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් නුගේගොඩ ප‍්‍රදේශයේ සුපිරි ගණිකා මඩමක් වටලා අත්අඩංගුවට ගනු ලැබූ කාංචනා නමැති තරුණියක් මිරිහාන පොලිසියේ රඳවා සිටියදී එම පොලිස් ස්ථානයට පැමිණි දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් රැගෙන ගොස් තිබේ.

එම කාන්තාවගේ දෙමව්පියන් පසුදින නීතීඥයෙකු සමග මිරිහාන පොලිසියට පැමිණ ඇය පිළිබඳව සොයා බලා ඇති නමුත්, එවැන්නියක් අත්අඩංගුවට නොගත් බව එහි සිටි පොලිස් නිලධාරීන් ප‍්‍රකාශ කර තිබේ.
කෙසේ නමුත් පසුදින රාති‍්‍රයේ ඇය නිවසට පැමිණ ඇරලවා ඇත්තේ මිරිහාන පොලිසියේ ප‍්‍රසාද් රත්නායක නමැති පොලිස් නිලධාරියා විසිනි.

වාර්තා වන අන්දමට එසේ රැුගෙන යනු ලැබූ කාංචනා නමැත්තිය දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ප‍්‍රාදේශීය දේශපාලනඥයකුගේ ලිංගික අවශ්‍යතා සඳහා ලබා දී තිබේ.දේශබන්දු තෙන්නකෝන් මහතා සතියකට දෙතුන් වතාවක් නුගේගොඩ ප‍්‍රදේශයේ ගණිකා නිවාස වැටලීමට නියෝග ලබා දී ඇත්තේ මෙසේ තරුණියන් ගොදුරු කර ගැනීම සඳහා බව අප වෙත තොරතුරු ලබා දුන් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
 
Related Posts with Thumbnails