Ads 468x60px

.

මන්දිර තැනීම ජනාධිපති ආගමික සම්බන්ධීකාරක හිමියන්ටත් බොවේ.

ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකාරක ගැටමාන්නේ ගුණානන්ද නැමැති භික්‍ෂුවට බෞද්ධ කටයුතු අමාත්‍යංශය මගින් තෙමහල් මන්දිරයක් ඉදිකිරීමට යන බවට තොරතුරු අනාවරණය වේ. පොදු ගොඩනැගිල්ලක් ඉදිකරන මුවාවෙන් මෙම භික්‍ෂූන් වහන්සේට අති සුඛෝපභෝගී මන්දිරයක් ගොඩනැගීම මෙහි අරමුණ වී ඇති බව එම ප‍්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේලාගේ අදහස වී ඇත.
වත්මන් ජනාධිපතිවරයාගේ සියලූ කටයුතු වෙනුවෙන් සමීප මැදිහත් වීමක් කරන මෙම භික්‍ෂුන් වහන්සේගේ විහාරස්ථානය පිහිටා තිිබෙන්නේ මාතර පාලටුව ප‍්‍රදේශයේය. බෞද්ධෝදය විහාරස්ථානය නම් වන එම විහාරස්ථානයෙහි සංඝාවාසය ද මීට ඉහතදීද රජයේ වියදමින් ප‍්‍රතිසංස්කරණය කරන ලදී. වැසිකිලයක්වත් නොමැති විහාරස්ථාන දහස් ගණනක් රට තුළ තිබියදී ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධිකාරකට කෝටි ගණන් රජයේ මුදල් වියදම් කොට මෙවැනි මන්දියක් තනා දීම කිසිදු භික්‍ෂූන් වහන්සේ නමක් අනුමත නොකරනු ඇත.

මෙම විහාරස්ථානය ඉදිකිරීමට අදාල ටෙන්ටර් දැන්වීම අද දින (2011/09/08) දිනමිණ පුවත් පතෙහි පලකර ඇත. මීට අමතරව මෙම භික්‍ෂුවට සුඛෝපභෝගී නවීන වාහනයක් ලබාදී ඇති අතර එම වාහනයට සීමා රහිතව ඉන්ධන ද රජයේ වියදමින් සපයනු ලැබේ. රථයේ රියදුරුට වැටුප් ගෙවන්නේ ද රජයේ වියදමෙනි.
 
Related Posts with Thumbnails