Ads 468x60px

.

ලැප්ටොප් සොරකමකට සුපි‍්‍රයාගේ ගෙදර විශේෂ පරීක්ෂාවක්

ජනප‍්‍රිය ගායිකාවක් වන සුපි‍්‍රයා අබේසේකර පදිංචිව සිටින මහරගම නිවස විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක්කර ඇතැයි වාර්තා වේ.‘ලැප්ටොප්’ පරිඝණක සොරකමකට අදාලව කරන ලද පැමිණිල්ලකට එම පරීක්ෂාව සිදුකර ඇතැයිපැවසේ.


කෙසේවුවද නැතිවූ බව සඳහන් පරිඝණ සුපි‍්‍රයාගේ නිවසින් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

මෙම නිවස සුපි‍්‍රයා විසින් කුලී පදනම මත ලබාගත් එක් බව පැවසෙන අතර, සුපි‍්‍රයාට පෙර එහි පදිංචිව සිටි පිරිසක් විසින් කරන ලද සොරකමක් හේතුවෙන් මෙලෙස සුපි‍්‍රයාගේ නිවස පරික්‍ෂාවට ලක්ව අතැයි පැවසේ.

වසන්තා සන්දනායක නම් වූ ප‍්‍රවීණ ගායිකාව සුපි‍්‍රයාගේ මිත්තනිය වන අතර, දයා හේමන්තා අබේසේකර ඇගේ අම්මාය.
 
 
Related Posts with Thumbnails