Ads 468x60px

.

සය හැවිරිදි දරුවකුට අතවර කර මරා දැමූ දෙදෙනාට මරණ දඬුවම

හය හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවෙකුට අතවර කර ඝාතනය කිරීමෙන් අනතුරුව වළදමා ඇතැයි කියන සිද්්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ චූදිතයන් දෙදෙනෙකුට මීගමුව පළාත්බද මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා (21) මරණ දඬුවම නියම කරන ලදී.

ළමයා පැළඳ සිටි පවුමක් බරැති රන් බ්‍රේස්ලට් (අත් පළදනාව) ලබා ගැනීමට මෙම මරණය සිදුකර ඇතැයි පැමිණිල්ලේ සඳහන්ව තිබුණි. මෙලෙස මරණ දඬුවම නියම වූයේ නො. 37 රජයේ නිවාස තුන්වෙනි කුරණ පදිංචි හීතකගේ ආසිරි ප්‍රසන්න සිල්වා සහ නො. 6 කඩොල්කැලේ පළමු අදියර පදිංචි වර්ණකුලසූරිය ජූඩ් නැපෝලියන් ප්‍රනාන්දු යන දෙදෙනෙකි.

ඝාතනය කර ඇත්තේ කඩොල් කැලේ, තලාදූව එෆ් (1) පදිංචිව සිටි වර්ණකුලසූරිය නිශාන් සංජීව නැමැති වයස අවුරුදු 6 ක පිරිමි දරුවෙකි.මේ ළමයා 2005.11.01 දින පෙ. ව. 10.45 ට පමණ සම වයසේ ළමයි සමඟ සෙල්ලම් කරමින් සිට ඇත. මේ අවස්ථාවේ දරුවා පවුමක් බරැති රන් අත් පළඳනාවක් පැළද සිට තිබේ. ළමයා නියමිත වේලාවට ගෙදර නොපැමිණි බැවින් දෙමාපියන් සොයා බලා ඇත.ඝාතනය කර තිබූ ළමයා සොයා ගැනීමට සැකකරුවන් ද පොලිසියට සහය දක්වා තිබුණි. එම සැකකරුවන් ගේ හැසිරීම් ගැන සැක සිතූ පොලිසිය ඔවුනගෙන් ප්‍රශ්න කිරීමේ දී ළමයා ඝාතනය කර වළදමා තිබූ ස්ථානය පොලිසියට පෙන්වා තිබුණි. අනතුරුව බ්‍රේස්ලට් (අත් පළදනාව) සඟවා තිබූ ස්්ථානය ද පොලිසියට පෙන්වනු ලැබීය.

සැකකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ අධි චෝදනා පත්‍රයක් මීගමුව මහාධිකරණයට ගොනු කර තිබුණි. බාල වයස්කාර දරුවෙකු පැහැර ගෙන, ඔහු සතු අත් පළදනාව සොරකම් කර, දරුවා අපහරණයට ලක්කර ඝාතනය කිරීමෙන් අනතුරුව වළ දමන ලද බව එම චෝදනාවල සඳහන් විය.
සැකකරුවන් සියලුම චෝදනාවන්ට වරදකරු කර වීම නිසා මරණ දණ්ඩනය නියම කරන ලදී. රජයේ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය පැමිණිල්ල මෙහෙයවනු ලැබීය.
 
Related Posts with Thumbnails