Ads 468x60px

.

ශ්‍රී ලංකාවේ ප්‍රවීන කලාකරුවෙකු වූ ජෝ අබේවික්‍රම මහතා අභාවප‍්‍රාප්ත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රවීන කලාකරුවෙකු වූ ජෝ අබේවික්‍රම මහතා අද (21) පස්වරුවේ සිය නිවසේදී අභාවප්‍රප්තවී තිබේ.මියයන විට 78 වන වියෙහි පසුවූමහතා කලක් රෝගාතුරව සිටියේය.වර්ෂ 1933 ජූනි 13 වැනිදා රත්නපුර ලෙල්ලොපිටියේදී උපත ලැබූ ඔහු ගම්මාන පටබැඳිගේ දොන් ජෝන් අබේවික‍්‍රම ලෙසින් නම් ලැබීය.


රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ජෝ ඉන්පසුව සිරිසේන විමලවීරගේ නවජීවන චිත‍්‍රාගාරයේ සේවයට එක්විය.

‘සරදම’ චිත‍්‍රපටයෙන් 1957දී රඟපෑමට එක්වූ ඔහු අවසන් වරට 2006දී ‘ධීවරී’ චිත‍්‍රපටයට දායක විය.

ජෝ රඟපෑ චිත‍්‍රපට සංඛ්‍යාව 165කට අධික වේ.සරසවි සිනමා සම්මාන කිහිපයක් දිනාගත් ඔහු 1999 සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී හොඳම ආසියානු නළුවා වශයෙන් තිළිණ දිනා ගත්තේ ‘පුරහඳ කළුවර’ චිත‍්‍රපටයේ රඟපෑම වෙනුවෙනි.
 
Related Posts with Thumbnails