Ads 468x60px

.

රිය අනතුරක්, 34ක් රෝහලේ

මොරටුව දෙස සිට පිළියන්දල දෙසට පැමිණි පුද්ගලික බස් රථයක් හා පිළියන්දල දෙස සිට මොරටුව දෙසට ධාවනය වු පුද්ගලික බස් රථයක් මෝල්පේ කන්ද පල්ලම ප‍්‍රදේශයේදි මුහුණුට මුහුණලා ගැටීමෙන්  34 දෙනෙකු දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.අනතුරින් තුවාල ලැබු තුවාලකරුවන් කළුබෝවිලලලූණාව හා පිළියන්දල රෝහල් වලට ඇතුළත් කර තිබේ.

මොරටුමුල්ල පොලිස් වසමේදි මොරටුව දෙස සිට පිළියන්දල දෙසට පැමිණි පුද්ගලික බස් රථයක් හා පිළියන්දල දෙස සිට මොරටුව දෙසට ධාවනය වු පුද්ගලික බස් රථයක් මෝල්පේ කන්ද පල්ලම ප‍්‍රදේශයේදි මුහුණුට මුහුණලා ගැටීමෙන් මාරක රිය අනතුරක් සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී මැක්සි ප්‍රොක්ටර් මහතා කියා සිටියි.

අනතුරින් තුවාල ලැබු තුවාලකරුවන් කළුබෝවිල,ලූණාව හා පිළියන්දල රෝහල් වලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

සිද්ධියෙන් තුවාල ලැබූ 15 දෙනෙකු පිළියන්දල රෝහල වෙත ඇතුළත් කෙ‍රුණු බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය. එයින් පස් දෙනකු කළුබෝවිල රෝහල වෙත මාරු කර යවා තිබේ.

අනතුරින් තුවාල ලැබූ තවත් 15 දෙනෙකු ලුනාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එයින් පස් දෙනෙකු ද කළුබෝවිල රෝහල වෙත මාරු කර යැවුණු බව ලුනාව රෝහලේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

මේ අතර අනතුරින් තුවාල ලැබූ 16 දෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එයින් 8 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව වාර්තා වේ.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ගේ තත්ත්වය ද බරපතල නොවන බව ද රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියේය. 
 
Related Posts with Thumbnails