Ads 468x60px

.

අලව්ව දුම්රිය අනතුර


දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති  ලාල් ආරියරත්න
 "අලව්ව දුම්රිය ස්ථානයේ ඇතුළත් කිරීමේ සංඥාව ඒ කියන්නේ වේදිකාවේ දුම්රියක් තිබියදී කසිසේත්ම දුම්රිය ස්ථානාධිපතිටවත් බැහැ. ආපහු ඒක කොළපාට සංඥාවක් නිකුත් කරන්න. ඒ සංඥා පද්ධතිය සකසලා
තියෙන්නේ, එහෙමයි. අංක 162 දුම්රියෙහි ප්‍රධාන නියාමක ඔහු වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අලව්වට ඇතුළත් කිරීමේ වර්ණය රතු වර්ණයේ  පැහැදිලිව දිස් වුණා කියලා ඔහු ඔහුගේ තිරිංග තද කරා කියලා තියෙනවා"


දුම්රිය රියදුරු සංගමයේ විධායක කමිටු සාමාජික ඩී.එල්.පී. පරණවිතාන

 "මේ අවුරුදු 50කට 60කට එහා තියෙන සංඥා පද්ධතියක්  තියෙන්නේ, යම් යම් අවස්ථාවලදී දෙපාර්තමේන්තුව පිළි අරන් තියෙනවා. මේක දෝෂ සහිතයි කියලා අපි සාක්ෂි සහිතව ඔප්පු කරලා තියෙනවා. නමුත් ඒක එහෙමම තමයි. ඇහින් දුටු සාක්ෂි කිසිවක් නැති නිසා වෙන වෙන පැතිවල කට්ටියගෙන් එක එක ප්‍රශ්න අහලා අවසාන විග්‍රහයේදී ඒ ගොල්ලෝ සෑම තැනම වැරදි කරලා තියෙන්නේ ,දුම්රිය රියදුරා"


දුම්රිය තාක්ෂණ ශිල්පීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්  එම්.ඒ. රත්නසිරි
 "මීට පෙර සිදුවීම් කිහිපයක්ම වුණා. මේ සිදුවීම් කිහිපයම වුණේ, අලව්ව දුම්රිය ස්ථානයේදී ඔය අදාළ වංගුවේදී එතකොට මේ සිදුවීම් එක්ක මේ වෙන කොට පරිපාලන කටයුතු කරමින් සිටින්න ඕන. දුම්රිය අනතුරු වැළැක්වීම සඳහා  අවශ්‍ය කරන පියවර ගනිමින් සිටින්න ඕන නමුත් පරිපාලනය අපි දකින්නේ, මේ වනතුරුත් ඒ කිසිදු පියවරක් අරගෙන නැහැ"


දුම්රිය සේවක අයිතීන් හා දේපළ සුරැකීමේ සංවිධානයේ  කැඳවුම්කරු සුමතිපාල මානවඩු
 "මෙතුවක් කල් දුම්රිය දෙපාර්මේන්තුවට ගෙනාපු දුම්රිය එන්ජින් මැදිරි සියල්ල නිෂ්පාදනය කරලා වැඩ අවසන් කරලා තිබුණේ, යකඩ වැනි ඝන ලෝහයකින්, හැබැයි මේ එස් ඉලෙවන් දුම්රිය නිමා කරලා තියෙන්නේ, ෆයිබර්වලින් මගී ජීවිතවලට මියගිය සේවකයින්ට ගරු කිරීමක් වශයෙන් හෝ මේ බාල බඩු ගෙන්නුවේ, ඇයි ද කිය එක හොයලා බලන්න. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා. කිසිදු රටක සමාගමකට අපේ මිනිස්සු‍න්ගේ ජීවිත බිල්ලට දීලා අත්හදා බැලීම් කරන්න හොඳ නැහැ"


ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම
"දැන් ඉතුරුවෙලා ඉන්නේ ගාඩ් මහත්තය විතරයි. එතකොට ඇත්තටම ගාඩ් මහත්තයා විතරයි දන්නේ, මේ සංඥා හරියට තිබුණ ද නැද්ද කියන එක ඉතින් අපි මේ ගැන පුළුල් පරීක්ෂාවක් පවත්වනවා. සමහර විට මේක දුම්රිය රියදුරු මහත්තයාගේ අතින් වුණ වරදක් ද එහෙම නැත්නම් මේක දුම්රිය සංඥා  පද්ධතියෙන් වෙච්ච වැරැද්දක් ද මම කොහොම හරි මේකේ කවුද වැරදිකාරයා කියන එක හොයනවා. මේක ෆයිබර් කියන එක මම පිළිගන්නවා. ඒ ගැනත් මම දැන් බලනවා. මොකද මගේ කාලේ නොවෙයි මේ දුම්රිය ගෙනාවේ. මට ඉස්සෙල්ලා තමයි මේ දුම්රිය ගෙනාවේ කවුරු කා‍‍ලේ ගෙනාවත් මම හිතන්නේ මම වගකියන්න ඕනේ"
 
Related Posts with Thumbnails