Ads 468x60px

.

නෙහාරට කළු පැල්ලමක් ඇති කිරීමට නිර්මාල් හැදු සැලසුම

ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන නෙහාරා පිරීස්ව ඇගේ සැමියාව සිටි නිර්මාල් පෙරේරා විසින් ලීසිං සමාගමකට ණයකාරියක් කර ඇතැයි වාර්තා වේ.නිර්මාල් විසින් ඇසෝසියේටඞ් මෝටර් ෆයිනෑන්ස් සමාගමන් ලීසිං ක‍්‍රමයට ලබාගත් යතුරු පැදියක් සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇතැයි පැවසේ.


අදාළ ලීසිං ගණුදෙනුවේ ඇපකාරිය ලෙස අත්සන් තබා ඇත්තේ නෙහාරා පීරිස් බව ද වාර්තා වේ.අද (20) ඇසෝසියේටඞ් මෝටර් ෆයිනෑන්ස් සමාගමේ නිලධාරියකු නේහාරාට දුරකථන ඇමතුමක් ලබාදී නිර්මාල්ගේ යතුරුපැදියට ලීසිං වාරික කිහිපයක් ගෙවා නොමැති බවත්, එම තත්ත්වය මත හෙට දිනයේදී එය සමාගම විසින්  යළි රැගෙනයාමට කටයුතු කරන බවත් පවසා තිබේ.

එසේම අදාළ පාඩුව අයකර ගැනීමටත් කටයුතු කරන බවත් එම නිලධාරියා නෙහාරාට පවසා ඇත.

නිර්මාල්, එම යතුරුපැදියේ ලීසිං වාරික ගෙවීම පැහැර හැර ඇත්තේ හිතාමතාම නෙහාරට කළු පැල්ලමක් ඇති කිරීමට බව විශ්වාසකටයුතු අරංචි මාර්ගයකින් වාර්තා වේ.

ඔහුට මුදල් අහේනියක් නොවන බවඑම ආරංචි මාර්ගවලින් වාර්තා වන අතර ඔහු පසුගිය සතියේදී සිය උපන්දිනය සැමරීමට ඒ.එම්.පී.එම්. අවන්හලේ සාදයක් පවත්වා ඇතැයිමේ අතර වාර්තා වේ.

එම සාදයට ආරාධිතයන් 50 දෙනෙකු පමණ සිට ඇතැයිපැවසේ.
 
Related Posts with Thumbnails