Ads 468x60px

.

තත්පරයකට මෙගා බයිට් 20 ක් (mbps) i-Sri Lanka ටෙලිකොම් අළුත් කරයි

ශ‍්‍රී ලංකාවේ අංක එකේ ඒකාබද්ධ සන්නිවේදන සේවා සැපයුම්කරු හා බ්‍රෝඩ්බෑන්ඩ් හාසඳහා වැදගත්වන යටිතල පහසුකම් සැපයීමේ ප‍්‍රමුඛයා වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් මගින් i-Sri Lanka ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ව්‍යාප්තව ඇති සිය ජාලයන් නවීකරණය කරමින් සිය සුපිරි වේගයෙන් යුතු බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය එළිදැක්වීම පසුගිය 19 දා සිදු කරන ලදී.

 
මෙය යාපනයේ ක‍්‍රියාත්මක වන විශාලතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යාපෘතිය වනු ඇති අතර, මේ හා සමගාමීව යාපනයේ දී ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම කලාපීය දුරකථන සන්නිවේදන කාර්යාලය හා නඩත්තු මධ්‍යස්ථානය පිහිටුවීමසිදු විය.

i-Sri Lanka යටතේ ක‍්‍රියාත්මක වන ජාල නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මගින් දිවයින පුරා බ්‍රෝඞ්බෑන්ඞ් ප‍්‍රවේශය නව පරිවර්තනයකට ලක් කිරීමට නියමිත අතර මෙහි දී දැනට පවත්නා තඹ පාදක ප‍්‍රවේශ ජාලය වෙනුවට ෆයිබර් ඔප්ටික් ජාලයක් භාවිත කිරීම සිදු වනු ඇත. ඉන් අනතුරුව පාරිභෝගිකයන්ට ස්ථාවර, බාධාවලින් තොර තත්පරයකට මෙගා බයිට් 20 (mbps) දක්වා හා ඊට වැඩි සුපිරි වේගයෙන් යුතු අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත.
 
Related Posts with Thumbnails