Ads 468x60px

.

ඇඳසිටි සරම ඔසවා තරුණියන්ට නිරුවත පෙන්වූ තරුණයා රිමාන්ඩ් භාරයට

කාන්තාවන්ට නිරුවත පෙන්වීමේ චෝදනා දෙකකට අධිකරණයෙන් ඇප මත මුදාහැර සිටි තරුණයකු තුන්වැනි වර සිය නිවස අසල පදිංචි තරුණියන් දෙදෙනකුට නිරුවත පෙන්වීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර
සැකකරුව මෙම මස 28 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් කනිෂ්ක විඡේරත්න මහතා නියෝග කළේය.

මෙහි සැකකරු වූයේ දර්ගා නගරයේ මීනච්චිකන්දේ පදිංචි තරුණයෙකි.

සැකකරුගේ නිවස අසල පදිංචි මෙම තරුණියට ඇඳසිටි සරම ඔසවා ඔහුගේ නිරුවත තමන්ටත් තම නැගණියටත් පෙන්නූ බවට කාන්තාව විසින් කරන ලද පැමිණිල්ලක්‌ අනුව පරීක්‍ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බව අළුත්ගම පොලිසියේ කාන්තා පොලිස්‌ පරීක්‍ෂිකා පතිරණ මහත්මිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌විණි.

සැරයන් 58771 විමලරත්න මහතා සැකකරුවන් අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ පැවැත්වූ බව කොස්‌තාපල් 75690 තෙන්නකෝන් මහතා අධිකරණයට සැකකරු ඉදිරිපත් කරමින් කියා සිටියේය.
 
Related Posts with Thumbnails