Ads 468x60px

.

සමලිංගිකයන් වැඩි නගරයේයි

කොළඹ නගරයේ ගණිකාවන් 8,000 කට වැඩි ප‍්‍රමාණයක් සිටින බව ෆිල්ස්ටාර් ඩොට් කොම් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.සෞඛ්‍ය අංශ විසින් කර ඇති සමීක්ෂණයකට අනුව මෙරට මිලියන දෙකක් වන ජනගහනය අතරේ සමලිංගිකයින් 30,000 කට වැඩි ප‍්‍රමාණයක් ද, ගණිකාවන් 40,000 කට වැඩි ප‍්‍රමාණයකුසිටින බව අනාවරණය කරගෙන තිබෙන බව ද එහි සඳහන් වේ.


සමගිංගික සම්බන්ධතා වැඩි වශයෙන් ඇත්තේ පාසල් හා විශ්විද්‍යාල වල බව ශී‍්‍ර ලංකා වෛද්‍ය බලධාරීන් පවසන බව එහි දැක්වේ.

සමලිංගිකයන් වැඩි වශයෙන් සිටින්නේ ප‍්‍රධාන නගර ආශී‍්‍රතව බවත්, ලිංගිකව බෝවන රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට දීප ව්‍යාප්තව වැඩසටහන් මාලාවක් කි‍්‍රයාත්මක කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කර ඇතැයිපැවසේ.

එච්.අයි.වී. හා ඒඞ්ස් වැළඳුණු 1,388 දෙනෙකු මෙරටින් සොයාගෙන තිබෙන බවත් පසුගිය කාලය තුළ මෙම ගණනේ වැඩිවීමක් දකින්නට නොලැබුණු බවත්, ජාතික ඒඞ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය නිමල් එදිරිසිංහ මහතා සිංහුවා පුවත් සේවයට පවසා අතැයි ද එහි දැක්වේ.
 
Related Posts with Thumbnails