Ads 468x60px

.

පහ වසර සිසුවා අධ්‍යාපන ඇමතිට වඳින්න බෑ කියලා

අධ්‍යාපාන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය පුස්තකාලයේ අද (20) පැවැති උත්සවයකදී මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලැබූ සිසුන් අතරින් එක් සිසුවෙකු අධ්‍යාපාන ඇමතිවරයාට වැඳීම ප‍්‍රතික්ෂේපකර අතැයි වාර්තා වේ.


මෙලෙස වැඳීම ප‍්‍රතික්ෂේප කර ඇත්තේ ෂේදු රාගවන් නැමැති සිසුවෙකි.

පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් එම ප‍්‍රදේශයේ වැඩිම ලකුණු ලැබූ මනි දුර්ශිකා, රමේෂ් හා ශර්මිකා ශර්වානන්දන් යන දරුවන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ දෙපා අල්ලා වැඳ ඇතැයිපැවසේ.
මේ සම්බන්ධයෙන් එම සිසුවාගෙන් මාධ්‍යවේදින් ප‍්‍රශ්න කර ඇති අතර, එහිදී තමා වඳින්නේ තමා බිහිකළ දෙමාපියන්ට හා තමාට ගුරුහරුකම් දුන් ගුරුවරුන්ට පමණක් බව ඔහු පවසා තිබේ.

එසේම තමා පසුගිය කාලයේදී අධ්‍යාපනය ලැබුවේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ මුලතිවු ප‍්‍රදේශයේ බවත් ඔහු පවසා ඇත.

යාපනය දිස්ති‍්‍රක් පාසල් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අදහස් විමසීමට මෙම උත්සවය සංවිධානය කර තිබී ඇති අතර, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා යාපනයේ ආණ්ඩුකාර පී.ඒ. චන්‍ද්‍රසිරි මහතාද මේ සඳහා එක්ව තිබේ.
 
 
Related Posts with Thumbnails