Ads 468x60px

.

ලන්ඩන් විහාරාධිපති හිමිනමක් ළමා අපචාරයේ !

මීට 33 වසරකට පෙර සිදු කළා යැයි කියනු ලබන ළමා අපචාර චෝදනාවක් සම්බන්ධයෙන් දකුණු ලන්ඩනයේ තේම්ස් බෞද්ධ විහාරයේ විහාරාධිපති හිමියන් ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය මගින් පසුගිය සඳුදා ලන්ඩන් හීත්රෝ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

තමාට එරෙහිව ඇති අපචාර චෝදනාවක් සම්බන්ධයෙන් පොලීසිය නීතිය ක‍්‍රියාත්මක කිරීමට ආසන්න බව දැන ගෙන ඇති මෙම විහාරාධිපති හිමියන් ශ‍්‍රී ලංකාවට පලා යාමට සූදානම් වෙද්දී මෙසේ පසුගිය සඳුදා අත්අඩංගුවට පත්වී තිබේ.

ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය විසින් මෙම විහාරාධිපති හිමිනම මෙසේ අත්අඩංගුවට ගැනීමට හේතු වී තිබෙන්නේ පොලීසියට ශ‍්‍රී ලාංකික තරුණියෙකගෙන් ලද පැමිණිල්ලක් මතය. එම පැමිණිල්ලේ සඳහන් ආකාරයට මෙම තරුණිය කුඩා දරුවෙකුව සිටින අවධියේදී එනම්, 1977 -78 වසරවල සිව්වතාවක් හෝ ඊට වැඩි අවස්ථාවකදී ඔහු කියන තැනට ඇය නොමග යවා මෙම විහාරාධිපති හිමියන් ඇයව ලිංගික වශයෙන් අපයෝජනයට ලක් කොට තිබේ. මෙම ක‍්‍රියාවේ බරපතළ බව වටහා ගැනීමෙන් අනතරැව ඇය තේම්ස් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති හිමිනමට එරෙහිව පැමිණිල්ල සිදු කොට තිබේ.

අදාළ විහාරාධිපති හිමියන් මේ වන විට ඇප මත නිදහස්ව ඇති අතර, නුදුරු දිනයකදී මේ සම්බන්ධ නඩු විභාගය ලන්ඩන් නුවර මහේස්ත‍්‍රාත් අධිකරණයකදී පැවැත්වීමට නියමිතය. මෙම විහාරාධිපති හිමියන් සම්බන්ධයෙන් ඉදිරියේ ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා අදාළ බෞද්ධ විහාරස්ථානයේ දායක සභාව විශේෂ සභා රැුස්වීමක් අද දින පවත්වා ඇති අතර, එහිදී බහුතරයක් දායකයින්ගේ අදහස වී ඇත්තේ අදාළ නඩු කටයුත්ත නිමවන තෙක් වෙනත් විහාරාධිපතිවරයෙකු පත් කළ යුතු බවයි. නොඑසේනම් එය අදාළ විහාරස්ථානයේ ගෞරවයට මහත් කැළලක් වනු ඇති බව මෙහිදී සාකච්ඡා වී තිබේ.

මෙම විහාරාධිපති හිමියන් හට ගම්පහ ප‍්‍රදේශයේ ගෙස්ට් හවුස් ගණනාවක් ඇති බව ප‍්‍රකට කරුණක් වන අතර, මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාගේ අනුග‍්‍රහයෙන් එම ගෙස්ට් හවුස්වල විවිධ සාදාචාර විරෝධී ක‍්‍රියා සිදු වන බව වැඩිදුරටත් වාර්තා වේ.
 
Related Posts with Thumbnails