Ads 468x60px

.

ආසියාවේ ආශ්චර්ය...කොළඹ ජාත්‍යන්තර පාසලේ අසික්කිත නාඩගම

කටේ කිරි සුවඳ පවා නොගිය දරුවන් කිසි වගක් නොමැතිව කටේ බියර් හලා ගන්නා තෙක් උඩබලා සිටිනා දෙමව්පියන් සිටි යයි කිවහොත් කිසිවෙකුත් විශ්වාස නොකරනු ඇත.ඒ මන්ද යත් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ගැන මහා ඉහලින් කතා කරන අය අදටත් සිටිනා බැවිනි.වේගයෙන් බෝවන ජාත්‍යන්තර පාසල් තුලින් රටට බිහිවන්නේ වැදගත් දරු පිරිසක් ද නැතහොත් රට වැනසිය හැකි පිරිසක්ද යන්න කිසිදු තර්කයකින් තොරව පහතඡායාරූප වලින් මොනවට පැහැදිලි වේ.ඉහල පෙලේ කොයි කාගේත් දරුවන් ජාත්‍යන්තර පාසල් වලට යන බව නොරහසක් වුවද අතෙමිටේ මුදල් නොමැතිව වුවද අපහසුවෙන් මෙවන් පාසල් වලට දරුවන් ඇතුල් කර ගැනීමට වෙහෙසෙන දෙමව්පියන්ට නම් ඇස් හැරීමට මෙය නම් හොද අවස්ථාවකි..
 
මුදල් විනා අධ්‍යාපනය කෙරෙහි,යහපත් ගුණධර්ම කෙරෙහි කිසිදු අවදානයක් මෙවැනි පාසල් යොමු නොකරන බව මෙයින් පෙනී යයි..ඇරත් මෙසේ දුටු පමණින් ඇග හිරිවැටෙන දේවල් සිදුවනතුරු පාසලේ ගුරුවරුන් සිටියේ කොහිද?අඩුම වශයෙන් තම දරුවන් කොහි යනවාදැයි සොයා බලන්නට තරම් උවමනාවක් නැති මෙතරම් සංඛයාවක්දෙමව්පියන් සිටී යයි ඇදහිය නොහැකි තරම්ය.ඔවුන්ගේ ලැජ්ජාව බය සැක මෙසේ නැතීවීමට වගකිව යුත්තේ කව්රුන්ද? කෙසේවුවද මෙම ඡායාරූප දැකීමෙන් පසුව හෝ කාගේත් ඇස් කන් ඇරෙනු ඇතැයි අප විශ්වාස කරමු..අම්මේ..තාත්තේ..ඔබේ දරුවා කුමන පාසලකට ගියද දරුවන් පිළිබද මෙයට වඩා අවදානයෙන් සිට්න්නයයි අප කාරුණිකව ඉල්ලා සිටිමු...













 
Related Posts with Thumbnails