Ads 468x60px

.

රොහිණී, සාලිය අත්හැරියේ ඇයි ?

නර්තන ශිල්පියෙකු හා මෝස්තර නිරූපන ශිල්පියකු වූ සාලිය සත්‍යජිත්ගේ බිරිය වූ රෝහිණී දික්කසාද වීමට හේතුවී ඇත්තේ සාලියගේ තවත් පෙම් පලහිලවුවක් නිසා බව වාර්තා වේ.සාලිය ස්‍යජිත් යනු ටවර් හෝල් යුගයේ නළුවෙකු වූ වික්ටර් වික‍්‍රමගේ ගේ පුතෙකි.


සාලිය සිය නිවසින් පැනගොස් ඇත්තේ ළබාල වයසේදීමය.

එලෙස ගෙදරින් පැන ගිය සාලිය ඔහුට වඩා වයසින් වැඩිමහළු රෝහිණී හා සම්බන්ධවී ඇත්තේ ඒ සමයේදීය.

දෙමළ ජාතික කාන්තාවක් වූ රෝහිණී තම නෑ හිතමිතුරන් පවා අත්හැර සාලිය හා දීගකන්න පටන්ගත් සමයේදී සාලිය පුංචි පුංචි වෙළෙඳ දැන්වීම්වලට ද පෙනී සිට තිබේ.

ඔවුන් ජීවත්ව ඇත්තේ දෙමටගොඩ පිහිටි මහල් නිවාසයක වන අතර, සාලියගේ එවකට බිරිය වූ රෝහිණී නිවස ආසන්නයේම රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ගෙදර නඩත්තු කර ඇත.

එකළ සාලිය රෝහිණී ගැන කිවේ තම දෙවැනි අම්මා යළි ඉපදි ඇති බවය.

පසුව සාලිය පුංචි පුංචි වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටිමින් ආරම්භ කළ කලා දිවිය කල් යත්ම ඔහු දැවැන්ත කලාකරුවෙකු බවට පත් කළේය.

ඒ අතර තුර තම නිවස ඉදිරියෙන් යන පාසල් දැරියකට හිත වැටුණු සාලිය ඇය හා පෙමින් වෙලී ඇත.

පසුව එම පෙම කෙළවර වී ඇත්තේ ග්ලෝබල් ටවර් බිල්ඩිමෙන් බව දැනගන්ට ලැබුනේ දැරියගේ පියා විසින් දෙමටගොඩ පොලිසියේ පැමිණිල්ක් දැමීමෙන් පසුවය.

දැරියගේ පියා පිටකොටුවේ මෝටර් රථ අමතර කොටස් ගෙන්වන වෙළෙඳ සැලක හිමි කරුවෙක් බව පැවසේ.

කෙසේවුවද සාලිය ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ වැඩසටනින් හදිස්සියෙ අතුරු දහන්වූයේ රන්ජන්ගේ පහරදීම හේතුවෙන් නොවන බවත්, ඔහු අතුරු දහන්වී ඇත්තේ බාලවයස්කාර තරුණියක් සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාවක් හේතුවෙන් බවත් මේවන විට හෙළි වෙමින් තිබේ.

මේ සියල්ල විඳ ඳරාගෙන සිටි රෝහිණී අවසානයේ සාලිය අත් හැර යන්නට තීරණය කළාය.

පණින රිලවාට ඉනිමගක් බඳු වූ රෝහිනීගේ එම තීරණයට සාලිය එක පයින්ම කැමැත්ත දැක්වීමත් සමග ඔවුන් මෙලෙස දික් කසාදවී ඇතැයි වාර්තා වේ.
 
Related Posts with Thumbnails