Ads 468x60px

.

මොටද එක ඉරක් මෙන්න දෙකක්

සූර්යයන් 02ක් වටා පරිබ්‍රමණය වන ග්‍රහ ලොවක් ප්‍රථම වරට සොයා ගෙන ඇති බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි. කෙප්ලර් 16b ලෙස නම් කොට ඇති මෙම ග්‍රහ ලොව නාසා කෙප්ලර් දුරේක්ෂය මගින් සොයා ගනු ලැබූවකි. මෙම ග්‍රහලොව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 200ක් තරම් දුරින් පිහිටා ඇත.
කෙප්ලර් 16b ග්‍රහලොවේ සූර්යයන් දෙදෙනා අපගේ සූර්යාගේ ප්‍රමාණයෙන් 69%ක් හා 20%ක් තරම් ප්‍රමාණයෙන් කුඩා වන අතර එම ග්‍රහලොවෙහි දිනය අවසන් වන විට ඉර බැස යාම් දෙකක් දෘෂ්‍ය මාන කරවයි.

අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සෙනසුරු ග්‍රහයා හා සමාන සිසිල් දැවැන්ත වායුමය ග්‍රහලොවක් වන කෙප්ලර් 16b ග්‍රහ ලොව සිකුරු හා සමාන කාලයකින්, දින 229කින්, හිරු දෙක වටා යයි. 2009 දී අභවකාශ ගත කරන ලද කෙප්ලර් දුරේක්ෂය අපේ සෞර ග්ර‍හ මණ්ඩලයේ අයත් මන්දාකිණියේ පෘථීවිය වැනි වෙනත් ග්‍රහ හලොවක් තිබේදැයි ගවේෂණය කරමින් සිටී.

තාරකාව හා දුරේක්ෂය අතරට ග්‍රහලොවක් පැමිණීමෙන් ක්‍රමික එළිය අඩු වීමකට ලක්වන තරකා නිරීක්ෂණ කිරීම මගින් කෙප්ලර් දුරේක්ෂය ග්රනහලෝක සහිත තාරකා හදුනාගනී. ද්විත්ව සූර්යයන් ඇති ග්‍රහලෝක තිබිය හැකි බවට පෙර සිට විශ්වාස කෙරුණද එය ප්‍රථම වරට විද්‍යානුකූලව සොයා ගෙන ඇත්තේ මෙමගින් බව ප්‍රකාශ වේ.
 
Related Posts with Thumbnails