Ads 468x60px

.

සිංහල චිත්‍රපටයකට ජැක්ලයින් ෆර්ඩිනැන්ඩිස්

ප්‍රවේගය යනුවෙන් නම් තබා ඇති සිංහල චිත්‍රපටයකට ජැක්ලයින් ෆර්ඩිනැන්ඩිස් රංගනයෙන් දායකත්වය සැපයීමට සුදානම් වේ.

මේ වෙනුවෙන් ඇය අය කරන මුදල රුපියල් මිලයන 10 ඉක්මවන බව වාර්තා වේ.


මෙහි අධ්‍යක්ෂණය ඉන්දීය අධ්‍යක්ෂවරයකු වන සරවනන් විසින් වන අතර මෙය නිෂ්පාදනය කරනු ලබන්නේ තිරගත වීමට නියමිත ‘සුපර් සික්ස්’ චිත්‍රපටයේ නිෂ්පාදක සදේශ් කුමාරගේ විසිනි.

මෙය කිං හන්තර්, අංජලිකා වැනි සිනමාපටයන්ගේ මෙන්ම පබළු, අමා, වැනි ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය තිර රචනා කළ මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ කතාවකි.


ජනප්‍රිය යොවුන් ගායක දෙපොළක් වන භාතිය හා සංතුෂ් ප්‍රවේගය චිත්‍රපටයට සංගීතය සපයන අතර කරන අතර ඔවුන් මුල්වරට චිත්‍රපටයකරඟපෑමට එක්වන්නේද ප්‍රවේගය හරහායි. 

මෙහි කතා පුවත ගෙතී ඇත්තේ යතුරු පැදියක් මිලදී ගැනීමට සිහින මවන තරුණයකු වටාය.මෙහි ප්‍රධාන චරිතය සහේමාල් රණසිංහ රඟන අතර උදාරි රණසිංහ නම් වූ තවත් නිළියක රිදී තිරයට හඳුන්වා දීමට නියමිතයි.
 
Related Posts with Thumbnails