Ads 468x60px

.

ගින්නකින් ළමයකු මිය ගිය නිට්ටඹුව තිහාරියේ ළමා නිවාසය ලියාපදිංචි කර නැහැ

ගින්නකින් ළමයකු මිය ගිය නිට්ටඹුව, තිහාරියේ පිහිටි ළමා නිවාසය ලියාපදිංචි  නොකළ එකක් බව හෙළි වී තිබේ.පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සරත් අබේගුණවර්ධන පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන්
බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මෙම ළමා නිවාසයට නිසි ප්‍රමිතියක් නොමැති බව ද මූලික කරුණුවලින්හෙළි වී ඇත.

ඒ අනුව ඉදිරියේදී මෙහි රඳවා සිටින ළමුන් 14දෙනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.

ඒ අතර පොලීසිය පැවසුවේ, මෙම මරණය සම්බන්ධයෙන් ළමා නිවාසයේ ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

ගින්නෙන් පිළිස්සී මියගිය ළමයාගේ දේහය මේ වන විට වතුපිටිවල රෝහලේ තැන්පත් කර තිබේ.

දේහය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණ ඊයේ පස්වරුවේ පැවැති අතර අද පෙරවරුවේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

පොලීසිය පැවසුවේ ‍එම ළමා නිවාසයේ රඳවා සිටින සෙසු ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරිය හරහා පියවර ගැනීමට නියමිත බවයි.

තම සහෝදරයා සමග ‍ක්‍රීඩා කරමින් සිටින අතරතුර ඇති වූ ගින්නකින් සදාසරණ නැමැති මාතෘ දාරක මධ්‍යස්ථානයේ සිටි  සය හැවිරිදි රමේෂ් ඩිල්ෂාන් නැමති දරුවා ජීවිතක්ෂයට පත් විය.
 
Related Posts with Thumbnails