Ads 468x60px

.

රනිල්- කරු සටනින් රනිල් දිනයි - සිරිකොත ගැටුමේ ජායාරූප එකතුව

පක්ෂ මූලස්ථානයේ නාම පුවරුව බිම දමා තිබෙන අතර ගේට්ටුව කඩා දමා පාක්ෂිකයින් සිරිකොතට ඇතුල්වී තිබෙනවා. ගල් මුල් වලින් පහර දීමෙන් පක්‍ෂ මූලස්ථානයේ සියළුම දොර ජනෙල් බිඳී ගොස් ඇති අතර සිරිකොත ඉදිරිපිට බුදුමැදුර ද කැඩී බිදී ගොස් තිබෙනවා. පාක්ෂිකයන් විසින් පොලු මුගුරු රැගෙන පොලිසිය ඉදිරිපිටදීම පුද්ගලයින්ට පහරදී ඇති අතර පොලිසියේ 20ක් 30 ක් හැරුණුකොට කලබලය මැඩීමට පොලීසියේ අතිරේක බළඇණි කලබලය වී පැයකට පසුවද පැමිණි බවයි වාර්තා වෙන්නේ.
 
 නව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය, දයාසිරි ජයසේකර විසින් කළබල කළ පිරිස අමතමින් ඉවත්වී යන්නැයි ඉල්ලා සිටිය අතර ඉන් පසු සියල්ලෝම ඉවත්වී ගියා.

ඉන්පසු රනිල් වික්‍රමසිංහ මහතා පස්වරු 6.15ට පමණ උඩුමහලේ සිට පහළට පැමිණ සිරිකොත මන්දිරයෙන් පිටත් වී ගියේ අලාභහානි කැර තිබූ වාහන, ගල්ගසා කඩා බිඳදමා තුබු බුදුමැදුර ද, කඩා බිඳ දැමූ පක්ෂ මූලස්ථානයේ නාම පුවරුව ආදිය පිරික්සීමෙන් පසුවයි

මේ අතර පක්ෂ මූලස්ථානය ඉදිරිපිට ඇති වූ තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ සහ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී රෝස් ප‍්‍රනාන්දුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර ඇති බව ද වාර්තා වෙනවා.
කළබල කළ මන්ත්‍රීන් දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
 






 
 
Related Posts with Thumbnails