Ads 468x60px

.

Twitter වලට අරාබි මුදල් - Facebook වලට වාරණයක්

සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියක් වන Twitter ජාලයේ ව්‍යාපාරික වර්ධනය පිළිබඳව දැඩි බලාපොරොත්තුවක් තබා තිබෙන සෞදි අරාබියේ කෝටිපතියෙකු Twitter වෙනුවෙන් ඩොලර් මිලියන 300 ක් ආයෝජනය කිරීමට යනබව වාර්තා වේ.මේ අනුව, බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ සෞදි අරාබියේ Alwaleed bin Talal කුමරුගේ Kingdom Holding සමාගම විසින් මෙම මුදල් ආයෝජනය කිරීමට සූදානම් වන බවයි.


මේ අනුව, බොහෝ කාලයක් පැවති එකඟතා වලට පත්වෙමින් මෙම ව්‍යාපාරික සම්බන්ධතාවය ඇතිකර ගත්බව මෙම සමාගම සෞදි කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.මෙම ව්‍යාපාරිකයා ලෝකයේ ධන වතුන් අතරින් ප්‍රමුඛයෙකු බවත් අරාබි ලෝකයේ මාධ්‍ය ආයතන රැසකම හෙතෙම ආයෝජනය කර තිබෙන බවත් සඳහන්ය.



Facebook ශ‍්‍රී ලංකාව තුල සීමිත වාරණයකට ලක් කිරීමට සූදානම්

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිදුවන ළමා අපචාර හා මාධ්‍ය තුල ළමයින්ට නුසුදුසු වැඩසටහන් පාලනය සඳහා නව නීති හඳුන්වා දෙන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා පවසයි.ඒ සඳහා වන මුලික තාක්‍ෂණික අධ්‍යන කටයුතු මේ වන විටත් ක‍්‍රියාත්මක බව පවසන අමාත්‍යවරයා මේ සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති බවද සඳහන් කරයි.

විවේචනය කරමින් කාලය කා දැමීම වෙනුවට මේ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවත් ඒ සඳහා ජනමාධ්‍ය, අධිකරණ, සෞඛ්‍ය වැනි ක්‍ෂෙත‍්‍රයන්හි සහාය සෘජුවම ලබාගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
 
Related Posts with Thumbnails