Ads 468x60px

.

මහින්දට නඩු දමන විදියක් - ඇමරිකාව අවුලෙන්

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමරිකාව තුළ නඩුවක්‌ පැවරිය හැකිද යන්න ගැන දැනුම් දෙන්නැයි ඇමෙරිකානු දිසා විනිසුරුවරිය වූ කොලර් කොටේලි විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්ත මේන්තුව වෙත නියෝග කර ඇත.ඇය මේ නියෝගය කර ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ස්‌වෛරී රාජ්‍යයක නායකයකු බවත් සියලුම විදෙස්‌ රාජ්‍ය නායකයන්ට නඩු පැවරිය නොහැකි බවට දැක්‌වෙන නීතිය ඔහුට ද
බලපාන බවට නීතිවේදී මිචෙල් මර්සිර් විසින් දිසා විනිසුරුවරිය වෙත ගොනු කළ පිටු 11 ක වාර්තාව නිසාය.


ජපන් රජයට එරෙහිව යුද අපරාධ ගැන පැවරූ නඩුව ද ප්‍රතික්‍ෂේප වූ බව පෙන්නුම් කරන නීතිවේදී මර්සිර් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එරෙහිව පවරා ඇති නඩුව ගැන ඇමරිකානු රජයේ අදහස විමසිය යුතු බව ඉල්ලා ඇත.මේ ඉල්ලීම විනිසුරුවරිය විසින් පිළිගෙන තිබේ. එසේම මේ නඩුවට අදාළ සිදුවීම් සිදුවී ඇත්තේ ඇමරිකාවේ නොව ශ්‍රී ලංකාවේ බව ද ඇමරිකානු රටවැසියන්ට හෝ ඇමරිකාවට එරෙහිව ජනාධිපති රාජපක්‍ෂ මහතා ක්‍රියා කර නැති බවත් හෙතෙම පෙන්නුම් කර ඇත.
 
Related Posts with Thumbnails