Ads 468x60px

.

රූ රැජිනට පියයුරු පිළිකාවක්

වෙනිසුවේලාවේ හිටපු රූ රැජිනක් වූ ඊවා එක්වාල් පියයුරු පිළිකාවකින් මියගොස් ඇත.මිය යන විට ඇගේ වයස 28කි. ඇමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ හූස්ටන් හි ප‍්‍රතිකාර ලබමින් සිටි ඇය මියගොස් ඇත්තේ පසුගිය දෙනසුරාදා දිනයේදීය.ඇයට දරුණු පියයුරු පිළිකාවකට ගොදුරුව ඇතැයි වසර 2010 දී සොයාගැනුනි.

වසර 2000දී ඇය මිස් වෙනිසුවේලා රූ රැජින තරගයෙන් ජයගත් අතර, ඒ වන විට ඇය අවුරුදු 17ක තරුණියෙකි.ඉන්පසුව ප්වෝටො රීකෝ හි පැවති විශ්ව රූ රැජින තරගයෙන්ඇය සිවුවන ස්ථායනට තේරී පත්විය. ජනමාධ්‍ය උපාධිධාරිනියක් වන ඇය, පසුව පුවත් නිවේදිකාවක් ලෙසද කටයුතු කළාය. පිළිකා රෝගියෙකු ලෙස තමාගේ අත්දැකීම් ඇසුරෙන් ඇය කෘතියක්රචනා කළ අතර, පියයුරු පිළිකා වැළඳී ඇතැයි නිගමනය කරන වෛද්‍ය පරීක්‍ෂණ වලට යොමුවූ වෙනසුවේලාවේ කතුන් සංඛ්‍යාව වැඩිවීමට මෙම කෘතිය හේතුුවූ බවද විදෙස් වාර්තා වල සඳහන් වේ.

මීට අමතරව ඊවා, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ සංවිධානයක් සඳහාදැඩි ලෙස තම සහයෝගය ලබාදුන්නාය.රේඩියෝ නිෂ්පාදකයෙකු හා විවාහ වූ ඊවා හට වයස අවුරුදු දෙකක දියණියක්සිටියි.ඊවාගේ අවසන් කටයුතු පසුගිය සඳුදා දින සිදුවිය.







 
Related Posts with Thumbnails