Ads 468x60px

.

මර්වින් ඉවත් නොකළහොත් ඉල්ලා අස්වෙනවා - මන්ත‍්‍රීවරුන් 16 දෙනෙක් කියයි

කැලණිය ආසන සංවිධායක ධූරයෙන් අමාත්‍ය මර්වින් සිල්වා ඉවත් නොකළ හොත් ඉල්ලා අස්වීමට කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සහ පෑලියගොඩ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් 16 දෙනෙකු සූදානම් වනවා. කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකු සඳහන් කළේ මේ බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාලගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවේදී දැනුම් දුන් බවයි.


වත්මන් ආසන සංවිධායකවරයා සමග තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් තම කණ්ඩායම මෙම තීරණය ගත් බව ඔහු ප‍්‍රකාශ කළා. කැලණිය ප‍්‍රාදේශීය සභාව ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් 15දෙනෙක්ගෙන් සැදුම් ලබන අතර ජයන්ත කබ්රාල් සහ තිලක් වීරසිංහ නැමති මන්ත‍්‍රීවරුන් දෙදෙනා මේ සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ නොමැති බවයි අදහස් දැක්වු මන්ත‍්‍රීවරයා සඳහන් කළේ.

අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව කැලණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිවරුන් ගෙන යන ක‍්‍රියාමර්ගවලට සහය දැක්වීමට මුලටියන ප‍්‍රාදේශීය සභාවේ පක්ෂ, විපක්ෂ මන්ත‍්‍රීවරු තීරණය කර තිබෙනවා. මීට අදාල යෝජනාව මුලටියන ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී නුවන් කරන්නාගොඩ විසින් ඊයේ (10) සභාවට ගෙන එනු ලැබූ අතර එය සම්මත වූයේ ඒකමතිකවයි.

මේ අතර අමාත්‍ය මර්වින් සිල්වා මුහුණ දී ඇති වත්මන් ගැටළුව සම්බන්ධයෙන් හලාවත මුන්නේෂ්වරම් ශ‍්‍රී මහා භද්‍රකාලි දේවාලයේ ප‍්‍රධාන පූජක තුමන්ද අදහස් පළ කළා. මීට පෙර එම දේවාලයේ බිලි පූජාවක් සඳහා රැගෙන විත් තිබූ සතුන් නිදහස් කරමින් එම බිලි පූජාව වැළැක්වීමට අමාත්‍යවරයා මැදිහත් වී කටයුතු කළා. එවැනි පසුබිමක් යටතේයි කාලි කෝවිලේ ප‍්‍රධාන පූජකවරයා මෙම අදහස් පළ කළේ.

මේ අතර පළාත් පාලන මැතිවරණයේදී කැළනිය ප‍්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදෙනු ලැබුවේ අමාත්‍ය මර්වින් සිල්වාගේ නිර්දේශය අනුව බැවින් කැලණියේ ප‍්‍රශ්ණවලට තමන්ට මැදිහත් විය නොහැකි යයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මර්වින් සිල්වා ඇමතිවරයාට දැනුම් දී ඇතැයි ඉහල පෙලේ ආරංචි මාර්ග පවසයි.

මෙම ප‍්‍රශ්ණය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලධාරීන් හමුවී විසඳා ගන්නා ලෙසද ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයාට දන්වා තිබේ.ජනාධිපතිවරයා විසින් මර්වින් සිල්වා අමාත්‍යවරයාට මේ බව දැනුම් දී ඇත්තේ කැලණිය ප‍්‍රාදේශීය සභාව සහ අමාත්‍යවරයා අතර හටගෙන තිබෙන ප‍්‍රශ්ණ පිළිබඳව සාකච්චා කිරීමට ඇමතිවරයා ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදීය.ආරක්‍ෂක අංශ විසින් විවිධ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් බේරාගැනීමට තමාට මැදිහත් විය නොහැකි බවද ජනාධිපතිවරයා පවසා ඇත.
 
Related Posts with Thumbnails