Ads 468x60px

.

ගැටලු රැසක් රට හමුවේ තබමින් විභාග කොමසාරිස් සමු ගනී


විභාග ක්ෂේත්‍රයේ ගැටලු රැසක් රට හමුවේ තබමින්  දෙවරක සේවා දිගුවක් ලැබීමට භාග්‍යවන්ත වු විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ අද සිය ධුරයට සමු දුන්නේය.
වසර 60ක විභාග දෙපාර්තමේන්තු  ඉතිහාසයේ විභාග ආශ්‍රිත ගැටලු රැසක් පැවති වකවානුව ලෙස සැලකෙන්නේ, අනුර එදිරිසිංහ මහතා මුල් පුටුව හෙබ වු සමය බව ක්ෂේත්‍රයට සම්බන්ධ බෙහෝ පිරිස් අවධාරණය කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ, දෝෂ සහිත ප්‍රශ්නපත්‍ර ලබාදීම, නිසි වේලාවට ප්‍රශ්න පත්‍ර නිසි වේලාවට විභාග ශාලා වෙත නිකුත් නොකිරීම, විභාග කාල සටහන් සැකසීමේ දෝෂ, ප්‍රතිඵල නිකුත් කිරීමේ ගැටලු ඒ මහතාගේ කාල වකවානුව තුළ දක්නට ලැබුණු සුවිශේෂි ලක්ෂණ බවයි.මෙම සියලු ගැටලු විසදමින් විභාග දෙපාර්තමේන්තුව කෙරෙහි යළි මහජන විශ්වාසය දිනා ගැනීමේ වගකීම නව විභාග කොමසාරිස් ජනරාල්වරයා හමුවේ ඇති ප්‍රධානම අභියෝගය වනු ඇති.ඒ සඳහා මුලපුරමින් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර නව විභාග කොමසාරිස් ජනරාල් ලෙස හෙට සිට ධුරයේ රාජකාරි ඇරඹීමට නියමිතයි.

 
Related Posts with Thumbnails