Ads 468x60px

.

ප්‍රතිපල ගැටලු විසඳීමට පිළියමක්‌ - ජීවිත කාලයටම එක විභාග අංකයක්‌

ජීවිත කාලය පුරාම පෙනී සිටින සියලුම විභාග සඳහා අයදුම් කරුවකු එක්‌ විභාග අංකයක්‌ හඳුන්වා දීම කෙරෙහි විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත.එම අංකය ලෙස අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පත් අංකය යෙදීම සම්බන්ධයෙන් ද මේ වන විට සාකච්ඡා පවත්වා ඇති බව අනාවරණය වෙයි.



 වැරදි විභාග අංක අන්තර්ජාලයට එක්‌ කිරීම නිසා මෙවර උසස්‌ පෙළ විභාගයේ වැරදි ප්‍රතිඵල ලද අයදුම්කරුවන් සම්බන්ධයෙන් ද පසුගිය දිනවල මහත් ආන්දොලනයක්‌ ඇති වූ අතර මේ නිසා විභාග දෙපාර්තමේන්තුවට දැඩි අසීරුතාවකට මුහුණ දීමට ද සිදුවිය. මෙවර උසස්‌ පෙළ ඇතැම් සිසුන් තමන් පසුගිය වසරේ පෙනී සිටි සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාගයේ විභාග අංකය අන්තර්ජාලයට ඇතුළත් කිරීම නිසා වැරදි ප්‍රතිඵලයක්‌ ලැබීමට හේතු වී ඇත්තේ විභාග දෙකේ සමහර විභාග අංක සමාන වීමය. 


අංක හතකින් යුත් විභාග අංකය අංක අටක්‌ දක්‌වා වැඩි කළහොත් මෙම ගැටලුව නිරාකරණය කළ හැකි යෑයි පවසන දෙපාර්තමේන්තුව එහෙත් එය සංකීර්ණ ක්‍රියාවලියක්‌ වන බවද පෙන්වා දෙයි.කෙසේ වුවද විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සිට සෙසු සියලුම විභාග සඳහා එක්‌ අයදුම්කරුවකුට එක්‌ අංකයක්‌ හඳුන්වා දීම පිළිබඳ මීට කලකට පෙර සිටම සාකච්ඡා පැවැත්වෙන බවද අනාවරණය වෙයි.
 
Related Posts with Thumbnails