Ads 468x60px

.

ෆොන්සේකාගේ පෙත්සම බැරක් ඔබාමාට


සරත් ෆොන්සේකා මහතා සිර දඬුවමෙන් නිදහස් කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් ඇමරිකාවට ඉදිරිපත් කෙරෙන පෙත්සම අත්සන් විසිපන්දහසක් සම්පූර්ණ වී ඇති බව ඒ මහතාගේ ආගමික කටයුතු සම්බන්ධීකාරක දීඝායූ අබේනායක මහතා පවසයි.

අත්සන් 25,000 සමඟ පෙත්සම මේ වන විට ඇමරිකාවේ ධවල මන්දිරයේ ජනාධිපති බැරක් ඔබාමාගේ කාර්යාලයටද යවා ඇතැයි පවසන ඒ මහතා අත්සන් ලබාදුන් සැමට ස්තුතිය පලකරන බවද කියා සිටී. අදාල පෙත්සම අත්සන් කරීම දැනට මසකට පමණ පෙර ආරම්භ විය.

මේ අතර මෙම පෙත්සම ලැබුනු බව සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග සඳහා යොමු කර ඇති බව ධවල මන්දිර වෙබ් අඩවිය වාර්තා කරයි.
 
Related Posts with Thumbnails