Ads 468x60px

.

ලලිත් වීරතුංග මහතාට එරෙහිව රහස් මෙහෙයුමක්


ලලිත් වීරතුංග මහතාට ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයේ ප‍්‍රධානියෙකු හා ජනාධිපති ලේකම් කාර්යාලයේ ප‍්‍රධානියෙකු රහස් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම මෙහෙයුම මේ වනවිට කි‍්‍රයාත්මක වෙමින් තිබේ.

අග‍්‍රාමාත්‍ය ලේකම් අමරසේකර මහතා ජනාධිපති ලේකම් කිරීම සඳහා තමාට අවශ්‍ය වී ඇතත්, ලලිත් වීරතුංග මහතා සිය කැමැත්තෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර නොදෙන්නේ නම් ඔහු ඉවත් කිරීමට තමාට හැකියාවක් නැතැයි පවසා ඇති ජනාධිපතිවරයා, එහෙයින් ඔහුට ඉවත්ව යන තැනට අවශ්‍ය කටයුතු කරන ලෙස අදාළ පුද්ගලයින් දෙදෙනාට උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා විසින් පවරන ලද එම රාජකාරියට අනුව, එම නිලධාරීන් දෙදෙනා විසින් ලලිත් වීරතුංග මහතාට එරෙහිව ලිපිගොනුවක් සකස් කොට ඇති අතර, එහි සඳහන් වාර්තා එකින් එක පළ කරන ලෙස ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රය වෙබ් අඩවියක කර්තෘවරයෙකුගෙන් ඉල්ලීමක් කර තිබේ.
ලලිත් වීරතුංග මහතාගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරුද ඇතුළත් එම ලිපිගොනුවේ, ඒ මහතාගේ බිරිඳ වන වෛද්‍ය උමා සමග ඇති වූ පවුල් ගැටුම් පිළිබඳවත්, සාමාන්‍ය ලිපිකාරිනියකව සිටි ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය සමග විවාහය පිළිබඳවත්, වීරතුංග මහතා තරුණ අවදියේ පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය මාධ්‍ය ප‍්‍රධානියෙකුගේ දියණියක් පිළිබඳවත් තොරතුරු රැසක් ඇතුළත් කර තිබී ඇත.
කෙසේ වුවද, පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිත සම්බන්ධයෙන් තොරතුරු තම වෙබ් අඩවියේ පළ කළ නොහැකි බව කියමින්, අදාළ වෙබ් අඩවියේ කතුවරයා එම ලිපිගොනුව යළි භාර දී තිබේ.ලලිත් වීරතුංග මහතා ජනාධිපති ලේකම් ධූරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් එල්ල කොට ඇත්තේ ජනාධිපති ආර්ය ශිරන්ති රාජපක්‍ෂ මහත්මියයි.මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයාව සිටියදී ඔහුට එල්ල වූ ‘හෙල්පින් හම්බන්තොට’ මූල්‍ය අක‍්‍රමිකතා චෝදනාවලින් ඔහුව මුදා ගනු ලැබුවේ එවකට අග‍්‍රාමාත්‍ය ලේකම්ව සිටි ලලිත් වීරතුංග මහතාය.
 
Related Posts with Thumbnails