Ads 468x60px

.

මර්වින් යුනිෆෝම් එක තියෙද්දී බැනපු එකෙක් ලු

08 දිනයේ සරත් ෆොන්සේකා මහතා කැලණියේ ඇතිවූ කැරැල්ල පිලිබඳ දැක්වූ අදහසකට මර්වින් සිල්වා අමාත්‍යවරයා අද පිළිතුරු ලබා දුන්නේ මර්වින් සිල්වා වෙනුවෙන් පෙනීසිටි දක්ෂිණ ලංකා භික්ෂු සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවකින් අනතුරුවයි.
08/01/2012 සරත් ෆොන්සේකා  කොළඹ කුඩු සිල්වා දිට්ඨධම්මවේදනීය කර්මය පල දීලා. කැලණිය කුඩු සිල්වාගේ බළලා මල්ලෙන් එළියට පැනලා. දැන් කන් කඩා වැටිලා. කැලණිය ප්‍රාදේශීය සභාවේ අයට දැන්වත් ඇත්ත තේරිච්ච එක ගැන මගේ ප්‍රණාමය. ජයවේවා


09/01/2012 මර්වින් සිල්වා ඊයේ සරත් ෆොන්සේකා මහත්තයා කිව්වනේ කැලණිය ප්‍රාදේශීය සභාවට ප්‍රණාමය පුදකරනවා කියලා.දැන් කුමන්ත්‍රණය එලි වෙලා ..උන් කියපු එකම කිව්වා..මම කැලණිය ප්‍රාදේශීය සභාවට මගේ ප්‍රණාමය පුදකරනවා කව්ද කියන්නේ දේශද්‍රෝහී සරත් ෆොන්සේකා.. ජාති ද්‍රෝහී සරත් ෆොන්සේකා.. 


ජනාධිපතිතුමා ඇතුළු පවුලේ උදවිය මරන්න හෝටලේ ඉඳන් ප්ලෑන් කරපු සරත් ෆොන්සේකා..
ඉතින් මේවා ඕගොල්ලෝ දාන්නේ නෑනේ.. දැන් කුමන්ත්‍රණය කොහෙද කියල පැහැදිලිනේ.. 
උගේ යුනිෆෝම් එක තියෙද්දී බැනපු එකෙක් මර්වින් සිල්වා..උගේ යුනිෆෝම් එක තියෙද්දී.කැලණියට ආපු වෙලාවේදී යුනිෆෝම් එකෙන් එලවගත්ත එකෙක් මර්වින් සිල්වා මම තාම නැගිට්ටේ නෑ.. හමුදාවේ යුනිෆෝම් එක තියෙද්දී...  ඉතින් මොකාටද මම බය.? 

මේ අතර තමා, කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මඩවල මහතාට දුන් හැඳුනුම්පත කුඩුකාරයකු අතට ගියේ කෙසේදැයි පොලිසිය විසින් සොයා බලන බව මහජන සබඳතා හා මහජන කටයුතු පිළිබඳ ඇමැති මර්වින් සිල්වා මහතා පවසයි. මත්කුඩු කුඩු කිලෝග්‍රෑම් 2 ක් සමග අත්අඩංගුවට පත්ව ඇති පුගලයකුගෙන් පොලිසිය මේ පිලිබදව ප්‍රශ්න කරගෙන යන බවද ඇමතිවරයා කියා සිටියි.

'' මගේ අයිඩෙන්ටිය මඩවල මන්ත්‍රීවරයා අරගෙන. මම මන්ත්‍රීවරුන්ට හැඳුනුම්පතක්‌ දුන්නා. ඔවුන්ට මා කැළණියට එන කොට සෙරෙප්පු දෙකක්‌වත් නැහැ. දැන් ඔවුන් ඉන්න හැටි බලන්න. හොඳට සූට්‌ ඇඳලා, හොඳට ඉන්නවා. දකින්නත් සතුටුයි. මම කියන්නේ ඔයලාත් කන්න බොන්න ඕන. එන අයටත් කන්න බොන්න දෙන්න ඕන. දියුණු වෙන්න ඕන. ඔන්නඅය දියුණු වෙලා කළ වැඩේ. මඩවලට දුන් හැඳුනුම්පත කුඩුකාරයකුට දීලා. එයා කුඩු කිලෝග්‍රෑම් දෙකක්‌ එක්‌ක අහු වුණා. දැන් මඩවලට දුන්න හැඳුනුම්පත කුඩුකාරයාට ගියේ කොහොමද කියලා පොලිසියෙන් හොයා බලනවා. මම වැරදි නම් මට විරුද්ධව කටයුතු කරන්න..'' යයිද ඇමතිවරයා කියා සිටියි.

ඊයේ (09 ) කොළඹ පිහිටි එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

රුහුණු පුත්‍රයෙක්‌ විදිහට තමා කවදාවත් වැරදි කොට නැති බවත්, කවුරුත් තමාගේ අත්සනින් මුදල් ගත්තා කියලා ඔප්පු කළොත් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වන බවත් ඔහු අවධාරණය කළේය.
වැරදිලා මද කිපුණොත් තමාට විරුද්ධව කටයුතු කරන සියලු දෙනාටම රත්නත්‍රයේ පිහිට ප්‍රාර්ථනා කරන බවත්, එහෙම නොවේවා කියා තමා ප්‍රාර්ථනා කරන බවත්, එසේම ලේසියෙන් දැන් මද කිපෙන්නේ නැති බවත් ඇමැතිවරයා පැවසිය.

"අප්‍රසිද්ධ මිනිස්‌සු ප්‍රසිද්ධ වෙන්නයි වොයිස්‌ කට්‌ දෙන්නේ. මට එහෙම කලබලයක්‌ නැහැ. මුළු ලංකාවම මා ගැන දන්නවා. කළ සේවය දන්නවා. මම නොදැනුවත්කමින් දෙව්දත්, මූසිලයන් මා ළඟ හිටියා. පසළොස්‌වක පෝය පහු වුණා. හඳ මෝරන කාලයට සමහර අයට පිස්‌සු වටෙනවා. ඒ අය හිතුවා මට මද කිපෙයි කියලා. මට මද කිපෙන්නේ නැහැ. මම මේ දවස්‌වල කුමාරදාස මුනිදාසයන්ගේ හීන් සැරය පොත කියවනවා.

මහ මුහුද වගේ කුණු රොඩු වෙරළට ගෙනත් දානවා. වෙරළ සංරක්‍ෂණය වගේ වෙරළ පිරිසිදු කරලා දායි. දූෂණ වංචා මම කරලා නැහැ. රහස්‌ පොලිසියට, පොලිස්‌ මූලස්‌ථානයට, අල්ලස්‌ කොමිසමට පැමිණිලි කරන්න. මා එක්‌ක විවාද කරන්න එන්න කියන්න සරත් ෆොන්සේකාට. එයා කිව්වනේ කැලණිය ප්‍රාදේශීය සභාවට ප්‍රශංසා කරනවා කියලා. මර්වින් කැළණිය ප්‍රාදේශීය සභාවේ පිස්‌සොත් එක්‌ක විවාද කරන්නේ නැහැ.

ඇමැතිවරයා කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ගේ දූෂණ වංචා අල්ලස්‌ ලබා ගැනීම් පිළිබඳ ලිපිලේඛන, බැංකු වාර්තාමාධ්‍ය වෙත පෙන්විය.
 
Related Posts with Thumbnails