Ads 468x60px

.

එයා දැන් විවාහකයි - ඒ පවුල් ජීවිතය අවුල්කරන්න ඕන නෑ - ශලනි

සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින්  වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජේබණ්ඩාරගේ පළමු පෙම්වතා මේ වන විට විවාහකයෙක් බව වාර්තා වේ.ශලනි ඔහු හා පෙමින් වෙළුනේ පාසල් සමයේදී බවද පැවසේ.


ව්‍යාපාරිකයකු වන ඔහු පිළිබඳව මෑතකදී පුවත් පතක් ශලනිගෙන් විමසා තිබූ අතර ඇය පවසා තිබුණේ ‘එයා දැන් විවාහකයි. එයා ගැන කියල. ඒ පවුල් ජීවිතය අවුල්කරන්න ඕන නෑ’ යනුවෙනි.ලියා අවසන් නොවන ශලනිගේ නවකතා දෙකෙන් එකක වස්තු විෂය වී ඇත්තේද මේ ව්‍යාපාරිකයා බව පැවසේ.ශලනි සිරස කුමරිය ලෙස අභිෂේක ලැබුවේ 2007 වසරේදී වන අතර එවකට ඇගේ වයස අවුරුදු 17 කි.

ශලනිගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර, ඇගේ මව රූපලාවන්‍ය ශිල්පිනියකි.බලංගොඩ ශාන්ත ඇග්නස් කන්‍යාරමයෙන් මූලික අධ්‍යාපනය ලද ඇය පසුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබාගත්තාය.ශලනි මුලින්ම රංගනයට පිවිසියේ ‘පතිනි’ ටෙලි නාට්‍යයේ උප ප‍්‍රධාන චරිතයක් සඳහා පණ පොවමිනි.ඇය මුලින්ම ටෙලිනාට්‍ය ප‍්‍රධාන චරිතයකට දායකවූයේ ශර්ලි පී. දෙලංකාවලගේ පූජාසනය ටෙලි නාට්‍යට එකි වෙමිනි.

පසුව ඇය, ඉසුරු බවන, හන්සි, සමනලී, අපි අපි වගේ, ගඟ අද්දර හා සඳ සඳ වගේ ටෙලි නාට්‍ය හරහා ජනාදරයට පත් වූවාය.ශලනි, හීරෝ හොන්ඩා, රයිනෝ හා ජැනට් වැනි වෙළෙඳ දැන්වීම් සඳහානිරූපිකාවක් ලෙස ද එක්ව තිබේ.මේ දිනවල පේ‍්‍රක්ෂකයන් අතර ඇය ජනපි‍්‍රයත්වයට පත්ව ඇත්තේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වනිසිහින පියාපත් හි ‘මිහිරංගි’ ගේ චරිතයත් සමගය.

 
Related Posts with Thumbnails