Ads 468x60px

.

ජනාධිපති ධූරයේ වෙනසක් කිව්වයි විජයTV නාලිකාවට බාධා

සැටලයිට් රූපවාහිනී ජාලයේ ප‍්‍රකට නාලිකාවකි විජය TV නාලිකාව. එම නාලිකාව 2011 වසර දෙසැම්බර් 31 රාත‍්‍රියේ විශේෂ වැඩසටහනක් විකාෂණය කළේය. එය 2012 වසර පිළිබඳ ජෝතිෂ්‍ය අනාවැකි පලකර ජෝතිර්වේදින් සහභාගි වූවකි.



එම වැඩසටහන එක් වූ ඉන්දියාවේ ප‍්‍රකට ජෝතිර්වේදීන් එරට පිළිබඳ අනාවැකි පලකළ අතර පසුව ඉන්දියාවට බාහිර රාජ්‍ය පිළිබඳව ද අනාවැකි පලකර ඇත. මෙහිදී වැඩසටහන ඉදිරිපත් කළ නිවේදකයා විමසා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව. එහිදී එක් ජෝතිර්වේදියෙකු පවසා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ජනාධිපති ධුරය 2012 වසරේ අලූත් අයකු පත්වන බවකි.එම අදහස සාකචඡාවට සහභාගිවූ  සිටි අනෙක් ජෝතිර්වේදීන්ද අනුමත කර ඇත. මේ සමඟ විජයTV නාලිකාව ශ‍්‍රී ලංකාවේ පේ‍්‍රක්ෂකයාට නැරඹීමේ ඉඩ ප‍්‍රස්ථාව අහිමි කර ඇත.

මෙම වැඩසටහනට ඉන්දියාවේ ප්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදීන් 06දෙනකු සහබාගිකරවාගෙන තිබිණ.

එම වැඩසටහන අවසන් භාගයේදී ඉන්දියාව අවට රටවල සිටින දේශපාලඥයින්ට 2012 වසර බලපාන ආකාරය විමසා ඇති වැඩසටහන මෙහෙයූ මාධ්‍යවේදියා, ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව එම ජෝතිෂ්‍ය විද්වත් මණ්ඩලයේ සිටි ප්‍රධානියාගෙන් විමසා තිබේ.


එහිදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කේන්දරයේ කොපියක් අතට ගෙන දීර්ඝ විග්‍රහයක් කර ඇති එම ජෝති්‍යෂවේදියා, 2012 වසර අවසන් වීමට පෙර ජනාධිපති ධුරයෙන් ඉවත්ව යෑමට මහින්ද රාජපක්ෂ මහතාට සිදුවන බවට අවධාරණය කර තිබේ. එහි දී අනෙකුත් ජෝතිෂවේදී 05දෙනාද එම මතය අනුමත කර ඇත.


විෙජ් රූපවාහිනි වැඩසටහන් මෙරට විකාශය කිරීමේ බලය හිමි වී ඇත්තේ ඩයලොග් කේබල් නාලිකාවටය. ඒ අනුව පෙර කී ජෝතිෂ්‍ය වැඩසටහන 31වන දා රාත්‍රී සජීවීවත් ඉන් අනතුරුව එහි පටිගතකළ වැඩසටහන් අවස්ථා කීපයකදීත් එම චැනලය ඔස්සේ විකාශය කර තිබේ.මේ පිළිබඳව වෙත වාර්තා වීමත් සමඟ විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් අනුෂ පැල්පිට මහතාට බැනවැදී ඇති ජනාධිපතිවරයා, එම වැඩසටහන විකාශය වීමට ඉඩ නොතබන්නයි නියෝග කර ඇත. අනතුරුව ජනාධිපතිවරයා මේ පිළිබඳව ඩයලොග් ආයතනයේ ප්‍රධානී ආචාර්ය හාන්ස් විෙජ්සූරිය මහතාටද දැනුම් දී තිබේ.


මේ අනුව පසුගිය දින දෙකෙහි මෙම වැඩසටහන යළිත් වරක් විකාශනය වෙමින් තිබියදී zතාක්ෂණික දෝෂයක් යැයි සඳහන් කරමින් එම වැඩසටහනට බාදා පමුණවමින් ඩයලොග් ආයතනය ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කළේය.

එහි වීඩියෝව පහතින් බලන්න 
 
Related Posts with Thumbnails