Ads 468x60px

.

එක්ස් ෆයිල්ස් ප්‍රධාන නිළියගේ කපිතාන් බන්ධනාගාරයට

ලෝක ප්‍රකට එක්ස් ෆයිල්ස් වෘතාන්ත මාලාවේ ප්‍රධාන නිලිය වූ, ජිලියන් ඇන්ඩර්සන්ගෙන් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු  ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න  හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම තීරණය ගනු ලැබිණි.
මෙලෙස රක්ෂිත බන්ධානාගාරගත කෙරුණේ, හමුදාවේ හිටපු කපිතාන්වරයකි.

එම නිළියට අයත් පස්යාල ප්‍රදේශයේ ගොවිපලක් භාරව සිටි එම කපිතාන්වරයා විසින් ඇයට අයත් මුදල් එසේ වංචා කළ බවට එම නිළියගේ නියෝජිතයෙකු වන එංගලන්ත ජාතිකයෙකු විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන බන්ධණාගාර ගත කරනු ලැබ තිබේ.අද දින ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ රහස් පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වමින් ඒ සම්බන්ධයෙන් තවත් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කිරිමට අවශ්‍ය බැවින් සැකකරු නැවතත් බන්ධනාගාරගත කර ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර එදිනට සම්පුර්ණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.





 
Related Posts with Thumbnails