Ads 468x60px

.

මෙවන් අඳුරු වනචාරී යුගයක් මම කවදාවත් දැකල නෑ - ලක් වනිතා සභාපතිනි


තංගල්ල සංචාරක පුරවරයේදී විසිතුන් හැවිරිදි රුසියානු ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝව් නැමැති විදෙස්කාන්තාව දූෂණයට ලක්වීමේ සිද්ධියෙන් හෙළිවූයේ ස්තී‍්‍ර දූෂකයන් හා ඝාතකයින් රාජ්‍ය බලය හා අනුහසින්පෝෂණයවන බව යැයි එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය කියයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ඇය මේ බව කියා සිටී.මෙම සිද්ධියට ආණ්ඩුවට සම්බන්ධ ප‍්‍රාදේශීය මන්තී‍්‍ර වරයෙක්ද සම්බන්ධ බව මේ වන විට හෙළිවී ඇතැයි ද, එයඑසේ සිදුවන්නේ දකුණු පළාතේ ආණ්ඩුකාර ධූරය කාන්තාවක් වූ කුමාරි බාලසූරිය මහත්මිය විසින් දරමින්සිටියදි බවද එම නිවේදනයේ දක්වා ඇත.අදාල සිද්ධියෙන් ජාතික යැපුම් මාර්ගයක් වූ සංචාරක කර්මාන්තයට ද තර්ජන එල්ලවී ඇතැයි ඇය පවසන්නීය.

බුදු දහමින් පෝෂණය වූ රාජ්‍යක් වන ශී‍්‍ර ලංකා වේ ගෙවීගිය 2011 වසරේදී ස්තී‍්‍ර දූෂණ ප‍්‍රමාණය පමණක්1,673ක් බවද එහි දක්වා ඇත.මෙවන් අඳුරු වනචාරී යුගයක් මීට ඉහතදී නොතිබුණු බවත්එබැවින් ස්ති‍්‍රය රැකගැනීමටකාමුකත්වය පිටුදැකීමට ද, රටේ ආත්ම ගෞරවය ආරක්‍ෂා කර ගැනීමට ද කාන්තාවන්ට එක් රොක්වන්නැයි ඉල්ලා සිටී.
 
Related Posts with Thumbnails