Ads 468x60px

.

ෆොන්සේකාගේ පෙත්සමට ජනපතිත් අත්සන් කරලා - නිරවද්‍යතාවය ගැන සැකයිලු

සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් අමෙරිකාවේ ධවල මන්දිරයට භාර දුන් පෙත්සමේ නිරවද්‍යතාවය සම්බන්ධයෙන්   සැක පළව ඇතැයි වාර්තා වේ.
සති 04 ක් වැනි කෙටි කලක් තුළ දී පුද්ගලයින් 25,638 දෙනකු අන්තර් ජාලය ඔස්සේ ඊට අත්සන් තැබු බව සඳහන් වුවද එලෙස අත්සන් තැබුවන් අතර මහින්ද රාජපක්‍ෂ නමින් 05 දෙනකු ද ශිරන්ති රාජපක්‍ෂ නමින් 05 දෙනකු සහ ගෝඨාභය රාජපක්‍ෂ නමින් දෙදෙනකු ද වන බව සඳහන්ය.

බැසිල් රාජපක්‍ෂ නමින් දෙදෙනකු, නාමල් රාජපක්‍ෂ නමින් දෙදෙනකු සහ යෝෂිත රාජපක්‍ෂ නමින් දෙදෙනකු ද අත්සන් තැබුවන් අතර වේ. රෝහිත රාජපක්‍ෂ, ශෂේන්ද්‍ර රාජපක්‍ෂ සහ චමල් රාජපක්‍ෂ ලෙස ද ඊට අත්සන් තබා ඇති අතර මර්වින් සිල්වා නමින් අත්සන් දෙකක් සහ විමල් වීරවංශ නමින් අත්සන් දෙකක් ද ඊට ඇතුලත්ය.මහින්ද යාපා අබේවර්ධන, ලක්‍ෂමන් යාපා අබේවර්ධන, මනූෂ නානායක්කාර, මහින්දානන්ද අලූත්ගමගේ, සනත් ජයසූරිය, අනුරුද්ධ රත්වත්තේ, ෆෙඞ්රිකා ජෑන්ස් සහ ලක්‍ෂමන් හුළුගල්ලේ යන නම්වලින් ද ඊට අත්සන් තබා තිබේ.

තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, රොෂාන් මහානාම, රංජන් මඩුගල්ල, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, මාවන් අතපත්තු, චාමර සිල්වා සහ උපුල් තරංග, චාමර කපුගෙදර, තිලිණ කණ්ඩම්බි, උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු තිරිමාන්න යන නම්වලින් ද ඊට අත්සන් තබා ඇත.එහෙත් එම අත්සන් සත්‍ය ඒවාදැයි විශ්වාස කිරීම අපහසු බව පැවසෙන අතර මේ හේතුවෙන්  පෙත්සමේ නිරවද්‍යතාවය සම්බන්ධයෙන් සැක පලව ඇත.
 
Related Posts with Thumbnails